ජාතික ජන බලවේගය (මාලිමාව) බලයට ගෙන ඒමට තිරය පිටුපස සිට “අදිසි හස්තයක්” ලෙස කටයුතු කළ මෙරට අතිශය මතභේදාත්මක චරිතයක් වූ ඇමෙරිකානු තානාපතිනි ජූලි චන්ග්ගේ නිල කාලය අවසන් කරමින් ඇයව වහාම වොෂින්ටනයට කැඳවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් රජය තීරණය කර තිබේ. “සිස්ටම් චේන්ජ්” එකක් ගැන කියමින් අරගලය මෙහෙයවා, පසුව ජවිපෙ මූලස්ථානයට පවා ගොස් අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්‍රහණයට මාවත සකස් කළ ජූලි චන්ග්ගේ මෙම හදිසි නික්මයාම මාලිමා රජය දැඩි අසීරුතාවයකට මෙන්ම තැතිගැන්මකට ලක් කර ඇති බව වාර්තා වේ.
මාලිමාව රකින්න හදපු “හවායි” කුමන්ත්‍රණය හෙළිවෙයි!
ලංකාවේ අසාර්ථක මාලිමා පාලනය තවදුරටත් ආරක්ෂා කරගැනීම සඳහා ජූලි චන්ග් විසින් රහසිගත සැලසුමක් දියත් කර තිබූ බව දැන් අනාවරණය වී තිබේ. හවායි නුවර පැවැත්වීමට නියමිතව තිබූ ඉන්දු-පැසිෆික් කලාපීය තානාපතිවරුන්ගේ සමුළුවේදී, ලංකාව යළිත් ආර්ථික අර්බුදයකට මුහුණ දීමේ අවදානමක් ඇති බව පෙන්වා දී, එම තත්ත්වය කළමනාකරණය කිරීමට තමන්ට තවදුරටත් ලංකාවේ රැඳී සිටීමට අවශ්‍ය බවට කරුණු දැක්වීමට ඇය සූදානමින් සිටියාය. මේ සඳහා ඇය පසුගිය සති කිහිපය පුරා විපක්ෂයේ ඇතැම් නායකයන්, රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානීන් සහ ව්‍යාපාරිකයන් සමඟ රහසිගත සාකච්ඡා පවත්වා ඇති බවත්, ඔවුන්ගේ අරමුණ වූයේ ජූලි චන්ග් ලංකාවේ තබාගෙන මාලිමා රජයේ අසාර්ථකත්වය වසා ගැනීම බවත් “රාජ්‍ය රහස්” වාර්තා කරයි.
ට්‍රම්ප්ගේ තීරණයෙන් මාලිමාවේ “හිතවතිය” ගෙදර යයි
කෙසේ වෙතත්, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා හදිසියේම හවායි සමුළුව අවලංගු කර, සේවා දිගු මත සිටින ජූලි චන්ග් ඇතුළු නිලධාරීන් 30 දෙනෙකුට ජනවාරි 16 වැනිදාට පෙර නැවත ඇමෙරිකාවට පැමිණෙන ලෙස නියෝග කිරීමත් සමඟ මාලිමාවේ සියලු බලාපොරොත්තු සුන් වී තිබේ. ජූලි චන්ග් යනු බයිඩන් පාලනය යටතේ ලංකාවේ දේශපාලනයට සෘජුව මැදිහත් වූ තැනැත්තියක් වන අතර, ඇය සිය පාදයේ ලංකා සිතියම පවා පච්චා කොටා ගනිමින් පෙන්වීමට උත්සාහ කළ “ආදරය” පිටුපස තිබුණේ මාලිමාව වැනි බලවේග බලයට ගෙන ඒමේ භූ දේශපාලනික උපායමාර්ගයක් බව දැන් පැහැදිලිය.
එරික් මේයර්ගේ පැමිණීම: මාලිමාවට මාරක අපලයක්?
ජූලි චන්ග් වෙනුවට ලංකාවට පැමිණෙන නව තානාපති එරික් මේයර් මහතා ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයේ ප්‍රබලයෙකි. ඔහු මීට පෙර මධ්‍යම සහ දකුණු ආසියානු කලාපය පිළිබඳ කටයුතු කර ඇති අත්දැකීම් බහුල නිලධාරියෙකු වන අතර, බයිඩන්-හිතවාදී මාලිමා පාලනය දෙස ඔහු බලනු ඇත්තේ දැඩි විවේචනාත්මක දෘෂ්ටියකිනි. දිට්වා සුළි කුණාටුවෙන් රට විනාශ වෙද්දී සහ 6 වසරේ දරුවන්ට අසභ්‍ය දේ පෙන්වන මට්ටමට අධ්‍යාපනය පිරිහෙද්දී නිහඬව සිටි ජූලි චන්ග් වැනි තානාපතිවරුන්ගේ යුගය අවසන් වීමත් සමඟ, මාලිමා රජයට ඉදිරියේදී ජාත්‍යන්තරයෙන් එල්ල වන බලපෑම් දරුණු වනු ඇත.
බලය රැකගැනීමට විදේශීය බලපෑම් සහ කුමන්ත්‍රණ මත යැපුණු මාලිමා පාලනයට, ජූලි චන්ග්ගේ නික්මයාම යනු තමන්ගේ “රැකවලා” අහිමි වීමකි. ට්‍රම්ප් රජයේ නව නියෝජිතයා වන එරික් මේයර් යටතේ මාලිමාවේ “හැබෑ ස්වරූපය” ලෝකය හමුවේ හෙළිදරව් වනු ඇතැයි දේශපාලන විචාරකයෝ මත පළ කරති.


