6 ශ්‍රේණියේ ඉංග්‍රීසි පෙළපොත් මොඩියුලයට අසභ්‍ය වෙබ් අඩවි සබැඳි ඇතුළත් කර මෙරට දරු පරපුරේ සදාචාරය විනාශ කිරීමේ සාපරාධී වගකීම භාර ගනිමින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය වහාම ධුරයෙන් ඉවත් විය යුතු බවට ජනතා විමුක්ති පෙරමුණේ අභ්‍යන්තරයෙන්ම දැඩි බලපෑම් එල්ල වෙමින් පවතී. මාලිමා රජය බලයට පත්වී කෙටි කලකින්ම අධ්‍යාපන ක්ෂේත්‍රය මෙතරම් අරාජික වීම හමුවේ පක්ෂයේ පාක්ෂිකයන් පවා දැඩි කෝපයට පත්ව ඇති අතර, පක්ෂ මූලස්ථානය වෙත දිනපතා එල්ල වන විරෝධය හමුවේ ආණ්ඩුව දැඩි අර්බුදයකට ලක්ව තිබේ.
මෙම තත්ත්වය කළමනාකරණය කරගැනීම සඳහා හරිනි අමරසූරිය මෙනෙවිය අගමැති ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කර ඇති බවත්, ඒ පිළිබඳව පැලවත්ත පක්ෂ මූලස්ථානය වෙත දැනුම් දී ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරයි. කෙසේ වෙතත්, මෙම ධුරය සඳහා පුද්ගලයන් තේරීමේදී ජනාධිපතිවරයා සහ ජවිපෙ පැලවත්ත කල්ලිය අතර දැඩි මතභේදයක් හටගෙන ඇත. ජවිපෙ දැඩි මතධාරීන් පිරිසක් යෝජනා කරන්නේ ආණ්ඩුවේ දෙවැනියා ලෙස සැලකෙන බිමල් රත්නායක මහතා අගමැති කළ යුතු බවයි. නමුත් අන්තර්ජාතික සබඳතා සහ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් බිමල් රත්නායක වැනි දැඩි මතධාරියෙකු පත් කිරීමෙන් ආණ්ඩුව තවත් අපහසුතාවයට පත්විය හැකි බවට ජනාධිපතිවරයා බිය පළ කර ඇත.
ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ තේරීම වී ඇත්තේ වඩාත් මධ්‍යස්ථ චරිතයක් ලෙස පෙනී සිටින වත්මන් විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා අගමැති ධුරයට පත් කිරීමයි. යම් හෙයකින් විජිත හේරත් මහතා අගමැති වුවහොත්, අසාර්ථක වූ හරිනි අමරසූරිය මෙනෙවිය විදේශ අමාත්‍ය ධුරය වැනි අඩු වගකීම් සහිත අමාත්‍යාංශයකට මාරු කිරීමට ද ජනාධිපතිවරයා සැලසුම් කරමින් සිටී. මෙම තත්ත්වය මාලිමා පාලනය තුළ පවතින අභ්‍යන්තර බල අරගලය සහ “අත්දැකීම් රහිත බව” මැනවින් විදහා දක්වන තවත් අවස්ථාවකි.
දිට්වා සුළි කුණාටුව හමුවේ ජනතාව මිය යද්දී අසමත් වූ, කතරගම දෙවියන්ගේ රත්තරන් විකිණීමට මාන බලන, සහ 6 වසරේ දරුවන්ට අසභ්‍ය දේ පෙන්වන ආණ්ඩුවකට දැන් සිදුව ඇත්තේ තම තමන්ගේ බේරා ගැනීම් සඳහා කැබිනට් මණ්ඩල සංශෝධන නමැති “සංගීත පුටු” සෙල්ලමක නිරත වීමටයි. අධ්‍යාපන බලධාරීන් පවා බියෙන් පලා යන වටපිටාවක, රටේ අගමැතිවරියට පවා සිය ධුරය අහිමි වීමේ අවදානමක් මතු වීමෙන් පෙනී යන්නේ මාලිමාවේ “සිස්ටම් චේන්ජ්” එක අන්ත අසාර්ථක වී ඇති බවයි. ඉදිරි දින කිහිපය තුළ සිදුවීමට නියමිත මෙම තීරණාත්මක කැබිනට් සංශෝධනයත් සමඟ මාලිමා රජයේ අභ්‍යන්තර අර්බුදය තවදුරටත් වීදි පුරා දෝරේ ගලනු නිසැකය.


