back to top
Friday, January 2, 2026
spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

spot_imgspot_imgspot_imgspot_img

Related News

කතරගම දෙවියන්ගේ රත්තරන්, රට හදන්න කියා විකුණයි!

ඉතිහාසයේ කවරදාකවත් සිදු නොවූ අයුරින්, බැතිමතුන් විසින් මහත් භක්තියෙන් යුතුව කතරගම දෙවියන්ට පූජා කරන ලද රන් භාණ්ඩවලින් 70% ක් වෙන්දේසි කිරීමට රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා තීරණය කර තිබේ. “ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදල” නමැති ලේබලය යටතේ සිදු කෙරෙන මෙම මහා වෙන්දේසිය හරහා ලැබෙන මුදල රජයට පරිත්‍යාග කිරීමට නියමිත බව වාර්තා වේ. මාලිමා රජය බලයට පත්වීමෙන් පසු රටේ ආර්ථිකය කළමනාකරණය කර ගැනීමට නොහැකිව, අවසානයේ දෙවියන් සතු දේපළ පවා රජයේ වියදම් පියවා ගැනීමට යොදා ගැනීම බරපතළ ආගමික සහ සමාජයීය අර්බුදයක පෙරනිමිත්තක් බව විචාරකයෝ පෙන්වා දෙති.

මෙම තීරණය සම්බන්ධයෙන් බැතිමතුන් අතර දැඩි නොසන්සුන්තාවක් හටගෙන ඇත්තේ, දෙවියන්ට පූජා කළ භාණ්ඩයක් යළි ප්‍රයෝජනයට ගැනීම හෝ විකිණීම “දේව ශාපයට” හේතු වන බවට පවතින විශ්වාසය හේතුවෙනි. බස්නායක නිලමේ තිළිණ මධුසංක මහතා පවසන්නේ වසර 2,000 ක් පැරණි ඓතිහාසික රන් භාණ්ඩ මෙයට ඇතුළත් නොවන බවත්, මෑත කාලයේ ලැබුණු රන් භාණ්ඩ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අධීක්ෂණය යටතේ විකුණන බවත්ය. කෙසේ වෙතත්, “විනිවිදභාවය” ගැන කොතෙක් කතා කළද, රජයේ හිස්වූ භාණ්ඩාගාරය පිරවීමට දේව දේපළ මෙලෙස අවභාවිත කිරීම මාලිමාවේ ආර්ථික අසාර්ථකත්වය වසා ගැනීමට ගන්නා නින්දිත උත්සාහයක් බවට චෝදනා එල්ල වේ.

විශේෂයෙන්ම දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට නිසි සහන ලබා දීමට පවා අසමත් වූ රජය, දැන් දේවාලවල සේප්පු දෙස බලා සිටීම හාස්‍යයට කරුණකි. මීට පෙර අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ 6 වසරේ දරුවන්ට අසභ්‍ය අඩවි සබැඳි සහිත පොත් බෙදා දෙමින් සිදු කළ සදාචාරාත්මක විනාශයට අමතරව, දැන් බැතිමතුන්ගේ විශ්වාසයද බිඳ දමමින් ආගමික ස්ථාන සතු සම්පත් කොල්ලකෑමේ සංස්කෘතියක් මාලිමා පාලනය විසින් හඳුන්වා දී ඇත. බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගේ “අනුමැතිය” ඇතිව සිදුවන බව පවසන මෙම ක්‍රියාවලිය හරහා, ඉදිරියේදී දිවයිනේ අනෙකුත් ප්‍රධාන විහාරස්ථාන සහ දේවාල සතු රන් දේපළවලටද මෙවැනිම ඉරණමක් අත්වීමේ අවදානමක් පවතී.

බලය ලබා ගැනීමට පෙර “දූෂණය නැති කර රට ගොඩනගනවා” යැයි කී මාලිමාව, අද වන විට සාමාන්‍ය මිනිසාගේ බදු මුදලින් පමණක් නොව දෙවියන්ගේ රන් මාලයෙන් පවා බඩ පිරවීමට උත්සාහ කිරීම ජනතාවගේ දැඩි පිළිකුලට හේතුවී තිබේ. මෙම වෙන්දේසිය වහාම නතර කළ යුතු බවත්, දේව දේපළ බැතිමතුන්ගේ අභිලාෂය පරිදි දේවාලයේම සංවර්ධනයට යොදා ගත යුතු බවත් සිවිල් සංවිධාන අවධාරණය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles