back to top
Friday, January 2, 2026
spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

spot_imgspot_imgspot_imgspot_img

Related News

6 වසරේ පොතට අසභ්‍ය අඩවි දැමූ ආචාර්යවරයාගේ දුවත් NPP අපේක්ෂිකාවක්: හරිණිට කලින්ම කිව්වත් අහක බලාගෙන!

ජාතික අධ්‍යාපන ආයතනය (NIE) හරහා 6 වසරේ දරුවන්ගේ අතට අසභ්‍ය වෙබ් අඩවි සබැඳි යොමු කිරීමේ බරපතළ “සදාචාරාත්මක අපරාධය” පිටුපස මාලිමාවේ දේශපාලන හිතවත්කම් පවතින බවට අතිශය සංවේදී තොරතුරු රැසක් දැන් අනාවරණය වී තිබේ. ඒකාබද්ධ ගුරු සේවා සංගමයේ ලේකම් අමිල සඳරුවන් මහතා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී හෙළිදරව් කළේ, මෙම ගැටලු සහගත මොඩියුලය සකස් කිරීමට සම්බන්ධ ප්‍රධාන ආචාර්යවරයෙකුගේ දියණිය පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගයෙන් (NPP) තරඟ වැදුණු අපේක්ෂිකාවක බවයි.

මෙම හෙළිදරව්වත් සමඟ, අධ්‍යාපන ක්ෂේත්‍රය යනු මාලිමාවේ දේශපාලන බල ව්‍යාපෘතියක් සඳහා අනාගත පරපුර බිල්ලට දෙන තිප්පොළක් බවට පත්ව ඇති බවට එල්ල වන චෝදනා තවදුරටත් තහවුරු වෙයි. අදාළ ආචාර්යවරයා අධ්‍යාපන සුදුසුකම් නොමැතිව තනතුරු දරමින් මූල්‍ය වංචා සිදුකළ බවට විගණන වාර්තා පවා තිබියදී, මාලිමා රජය ඔහුම මෙම සංවේදී කර්තෘ මණ්ඩලයට තෝරාගෙන තිබේ. වඩාත්ම කනගාටුදායක කරුණ වන්නේ, මෙම පුද්ගලයාගේ දුර්වලතා සහ වංචනික ක්‍රියා පිළිබඳව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය වෙත ගුරු සංගම් විසින් ලිඛිතව කලින්ම දැනුම් දී තිබියදීත්, ඇය එම අනතුරු ඇඟවීම් කුණු කූඩයට දමා සිය හිතවතාට එම වගකීම පැවරීමයි.

විද්වතුන් පසෙකලා “දේශපාලන ගෝලයන්” පත්කිරීමේ විපාකය

ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියේ අධ්‍යාපන පීඨ හතරක් තිබියදී, ඉන් කිසිදු සුදුසුකම් ලත් ආචාර්යවරයෙකු සම්බන්ධ කර නොගෙන, මාලිමාවට හිතවත් පිරිසක් පමණක් යොදාගෙන මෙම ප්‍රතිසංස්කරණ සිදුකිරීම නිසා සමස්ත පද්ධතියම බිඳ වැටී ඇති බව අමිල සඳරුවන් මහතා පෙන්වා දෙයි. මෙය හුදු අත්වැරදීමක් නොව, දරුවන්ගේ මනස විකෘති කිරීමේ සහ මාලිමාවේ දෘෂ්ටිවාදයන් පාසල් පද්ධතියට රිංගවීමේ දේශපාලන කුමන්ත්‍රණයකි. මෙම නින්දිත ක්‍රියාව මගින් සිදුවූ සදාචාරාත්මක විනාශයට වගකිව යුතු අධ්‍යාපන ඇමතිවරිය සහ ලේකම්වරයා වහාම ඉල්ලා අස්විය යුතු බවට දැන් බලපෑම් එල්ල වෙයි.

මර්ධනය සහ බොරුව මැද සැඟවෙන රජය

මෙම බරපතළ වරද පිළිබඳව තොරතුරු හෙළිවන විට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) යොදාගෙන පරීක්ෂණ පවත්වන බව පවසමින් රජය උත්සාහ කරන්නේ සැබෑ දේශපාලන වගකීමෙන් පලා යාමටයි. ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ඉල්ලා අස්වීමට සැලැස්වීම හරහා ආණ්ඩුව උත්සාහ කරන්නේ ඉහළ පෙළේ දේශපාලන සම්බන්ධතා ආරක්ෂා කරගැනීමටයි. දිට්වා සුළි කුණාටුවෙන් රටම විනාශ වෙද්දී පවා අසමත් වූ රජයක්, දැන් දරුවන්ගේ පෙළපොත් පවා අසභ්‍ය තොරතුරු ගබඩා කරන තැන් බවට පත්කිරීම මාලිමාවේ “සැබෑ වෙනස” දැයි ජනතාව ප්‍රශ්න කරති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles