තමන්ගේ පෞද්ගලික සැමරුම් පොදු ජන යහපත උදෙසා කැප කරමින්, නීතිඥ තාරක නානායක්කාර මහතා සිය 40 වැනි උපන් දිනය නිමිත්තෙන් දරු දැරියන්ගේ අධ්‍යාපන සිහිනය සැබෑ කිරීමට සුවිශේෂී දායකත්වයක් ලබා දී තිබේ. ඒ අනුව, ගාල්ල, දික්කුඹුර ශ්‍රී සිද්ධාර්ථ මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන දරු දැරියන් 2,000කට අවශ්‍ය පාසල් උපකරණ කට්ටල ප්‍රදානය කිරීමටත්, විද්‍යාලයේ දිගුකාලීන අවශ්‍යතාවයක්ව පැවති සනීපාරක්ෂක වැසිකිළි පද්ධතියක් ඉදිකර දීමටත් ඒ මහතා කටයුතු කර ඇත. මේ සඳහා වැය කර ඇති මුළු මුදල රුපියල් ලක්ෂ 18කට අධිකය.
අධ්‍යාපනික උපකරණ මිල ඉහළ ගොස් දෙමාපියන් දැඩි මූල්‍ය දුෂ්කරතාවයකට පත්ව ඇති මෙවන් වකවානුවක, දේශපාලන හා ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රභූන් රැසකගේ සහභාගිත්වයෙන් මෙම ප්‍රජා සත්කාරය පවත්වා තිබේ. හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි, හිටපු ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර, හිටපු මන්ත්‍රීවරුන් වන තිලක් අමරසූරිය සහ ඔයිබට් අල්විස් යන මහත්වරුන් මෙන්ම ස.ජ.බ ගාල්ල දිස්ත්‍රික් සංවිධායක ගයාන් ගිනීගේ මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ. ව්‍යාපාරික රවී කලංසූරිය මහතා ද මෙම උදාර මෙහෙවරට සිය සහයෝගය දක්වා තිබීම විශේෂත්වයකි.
පෞද්ගලික සාද හා උත්සව සඳහා වැය කරන මුදල් මෙලෙස පාසල් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ආයෝජනය කිරීම සමස්ත සමාජයටම ලබා දෙන මහඟු ආදර්ශයක් බව මෙහිදී අදහස් දැක්වූ විදුහල්පති දුලීප් ඉන්දික මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය පෙන්වා දුන්හ. උපකරණ ප්‍රදානයට අමතරව පාසලේ යටිතල පහසුකම් නගා සිටුවීමට නීතිඥ තාරක නානායක්කාර මහතා ගත් මෙම පියවර, ප්‍රදේශයේ දෙමාපියන්ගේ සහ ජනතාවගේ ඉමහත් පැසසුමට ලක්ව ඇත. මෙම පුණ්‍යකර්මය සඳහා ගාමිණී උපුල් ශාන්ත, නාමල් ප්‍රසංග අබේසේකර යන මහත්වරුන් ද සිය දායකත්වය සපයා තිබුණි.









