පළාත් පාලන ආයතන තුළ කාන්තාවන්ගේ දේශපාලන අයිතිවාසිකම් සහ ගෞරවය සුරැකීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව පසුපසට යමින් ඇති බවට ජාතික ජන බලවේගය (NPP) පාලනය කරන ප්‍රාදේශීය සභාවක් ආශ්‍රිතව වාර්තා වූ සිදුවීමකින් අනාවරණය වේ. කාන්තාවන්ට දේශපාලනයට පිවිසීමට ඉන්දියාවේ නව මාවත් විවෘත වන මොහොතක, මෙරට ප්‍රාදේශීය සභා තුළ කාන්තාවන්ට ලැබෙන සැළකීම පිළිබඳව මෙම සිදුවීම ප්‍රබල ප්‍රශ්න මතු කරයි.
අභිමානයෙන් දිනන මෙයිතිලී එදිරිව තර්ජනයෙන් අස්වන නිකිණි!
අලිනගර් ප්‍රාන්ත සභා ආසනයෙන් භාරතීය ජනතා පක්ෂයේ (BJP) අපේක්ෂිකාව ලෙස තරඟ කළ 25 හැවිරිදි මෙයිතිලී තාකූර්, ගී ගයන ගායිකාවක ලෙස ප්‍රකට වූ තැනැත්තියක් වුවද, සිය අසුන පහසුවෙන් ජයග්‍රහණය කර ඇත. මෙයිතිලී පවසන්නේ දේශපාලනයට පිවිසීම තමන් ජීවිතයේ ගත් හොඳම තීරණය බවයි. මෙවර මැතිවරණයේදී බිහාර් ඉතිහාසයේ පළමු වරට පිරිමින්ට වඩා සංඛ්‍යාත්මකව වැඩි පිරිසක් කාන්තාවන් ඡන්දය ප්‍රකාශ කර තිබීම, ඉන්දීය දේශපාලනයේ කාන්තාවන් සක්‍රීය වන ආකාරය පෙන්නුම් කරයි.
ජාතික ජන බලවේගයට (NPP) බලය හිමි ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ තර්ජන හේතුවෙන් සමගි ජන බලවේගයේ (SJB) මන්ත්‍රීවරියක් සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.
SJB යෙන් තේරී පත් වූ මන්ත්‍රීවරිය වන නිකිනි අයෝද්‍යා මහත්මිය පැවසුවේ, සභාපති ජයරත්න ජයසේකර මහතා තම හැඳුනුම්පත ලබා ගැනීමට ගිය අවස්ථාවේදී “බූරුදෙන. ඔය කාලකන්නි මුහුණු දකින්න මම කැමති නැහැ අවුරුදු තුනකට කිසි දෙයක් දෙන්නේ නැහැ” කියමින් තර්ජනය කළ බවයි.
මේ සම්බන්ධයෙන් සභාපතිවරයා පිළිතුරු දෙමින් “බූරුවා කියන කතාව කියවුන බවක් තමන්ට මතක නැති බව” පවසා ඇතත්, “බූරු දෙනක්නේ කොහොමත්, බූරුවා කියන්නේ නෑ” යනුවෙන් තවදුරටත් අසභ්‍ය ලෙස ප්‍රකාශ කර තිබීම, කාන්තා නියෝජිතයන්ට එරෙහි NPP දේශපාලනයේ සැඟවුණු ප්‍රචණ්ඩත්වය මනාවට පෙන්නුම් කරයි.


