back to top
Tuesday, November 11, 2025
spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

spot_imgspot_imgspot_imgspot_img

Related News

අනුරගේ රෙද්දේ තුත්තිරි: මර්වින්ගේ පුතෙක් මාලිමාවෙන් මතුවෙයි!

පසුගිය කාලයේ රට තුළ ඉහළ ප්‍රචාරයක් ලබා ගත් ජාතික ජන බලවේගයේ (NPP) පාලන විනය සහ ප්‍රතිරූපය සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්න මතු කරමින් සිදුවීම් දෙකක් වාර්තා වී තිබේ. ඉන් පළමුවැන්න වන්නේ NPP පාලන බලය දරන මාතර ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයාගේ පුත්‍රයා පාසල් සිසුවකුට පහරදීමේ සිද්ධියකට අදාළව ලබන 17 වැනිදා තෙක් රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමයි.

මෙම පහරදීම මාතර දුම්රියපොළ ඉදිරිපිටදී සිදුව ඇති අතර, පහරකෑමට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) මාතර මහ නගර සභාවේ මන්ත්‍රීවරයෙකුගේ පුත්‍රයෙක් වන අතර, ඔහු මේ වන විට කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් මාතර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම තීරණය ලබා දී තිබේ. NPP යේ ඉහළම නායකයා වන අනුර කුමාර දිසානායක මහතාගේ ‘පිරිසිදු දේශපාලනය’ පිළිබඳ ප්‍රතිරූපය ජනතාව අතරේ ගොඩනගා ඇති මොහොතක, ඔවුන්ගේ පළාත් පාලන නියෝජිතයන්ගේ පුත්‍රයින් මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ වීම එම ප්‍රතිරූපයට දැඩි හානියක් බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

අපේක්ෂකයන් ගැන NPP ඇතුළේම ‘කලකිරීම’ හඬපටයකින් එළියට!

මේ අතර, NPP යේ පළාත් පාලන නියෝජනය පිළිබඳව එම පක්ෂයේ වත්මන් අමාත්‍යවරයෙකු වන උපාලි පන්නිලගේ මහතා සහ පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් අතර සිදුවූ සංවාදයක් බවට සැළකෙන හඬ පටයක් අන්තර්ජාලය ඔස්සේ හෙළි වී තිබේ.

මෙම හඬ පටයේ අන්තර්ගතය අනුව, 2024 ජනාධිපතිවරණයට පෙර පැවැත්වීමට සූදානම් කර තිබූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා අපේක්ෂකයින් තෝරා ගෙන තිබූ ආකාරය පිළිබඳව පක්ෂ ක්‍රියාකාරීන් පන්නිලගේ මහතාගෙන් ප්‍රශ්න කරන බවට හෙළිවේ. එහිදී පක්ෂ ක්‍රියාකාරීන් විසින්ම පෙන්වා දෙන්නේ ඇතැම් පළාත් පාලන අපේක්ෂකයින් පිළිබඳව පක්ෂ ක්‍රියාකාරීන්ගේ ප්‍රසාදයක් නොමැති බවයි.

මෙම අප්‍රසාදයට හේතු වී ඇත්තේ එවැනි පුද්ගලයින් හේතුවෙන් අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රතිරූපයට හානි සිදුවන බවට පක්ෂ සාමාජිකයින් අතර බරපතළ සැකයක් පැවතීමයි. නව දේශපාලන සංස්කෘතියක් පොරොන්දු වන NPP යේ ඇතුළාන්තයේම, තෝරා ගත් නියෝජිතයන්ගේ ‘පිරිසිදුකම’ පිළිබඳව ප්‍රශ්න මතු වීම, පක්ෂයේ සැබෑ ප්‍රතිපත්ති සහ බිම් මට්ටමේ ක්‍රියාකාරීත්වය අතර ඇති පරතරය පැහැදිලිව පෙන්වා දෙන්නක් බව විචාරකයෝ පවසති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles