back to top
Thursday, November 6, 2025
spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

spot_imgspot_imgspot_imgspot_img

Related News

දරුවන්ට කුඩු බෙදුව කුඩු ආණ්ඩුව කුඩෙන් කුඩු!

සැමියා සහ පුත්‍රයා මත්ද්‍රව්‍ය චෝදනාවකට අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පෑලියගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගයේ (NPP) මන්ත්‍රීවරියක වන දිස්නා නිරන්ජලා කුමාරි මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණ (JVP) පවසයි.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී තේරී පත්වූ ඇය, මේ සිදුවීම සම්බන්ධයෙන් දැඩි කම්පනයට පත්ව ඇති අතර, නීතිමය කටයුතු සඳහා සහය දීමක් ලෙස සහ රටෙහි යහපත් දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමට මාලිමාව ගෙන යන වැඩපිළිවෙළට සහයක් ලෙස මෙම තීරණය ගත් බව ජවිපෙ සඳහන් කරයි. ඒ අනුව ඇය විසින් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ගම්පහ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයා වෙත යොමු කිරීමට කටයුතු කර තිබේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් රජයට ප්‍රබල චෝදනා එල්ල කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අදහස් දැක්වූයේ පක්ෂ භේදයකින් තොරව මෙරටින් මත්ද්‍රව්‍ය වසංගතය තුරන් කිරීමට වත්මන් ආණ්ඩුව වග බලා ගත යුතු බව අවධාරණය කරමිනි. පොලිසිය විසින් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගන්නා ලද ජාතික ජන බලවේගයේ ගුරු සංගමයට සම්බන්ධ විදුහල්පතිවරයා සහ ඔහුගේ බිරිඳ වන මාලිමා මන්ත්‍රීවරිය හේතුවෙන් පාසල් දරුවන් අතර මත්ද්‍රව්‍ය බෙදා හැරියේ ඔවුන් දැයි සැකයක් මතුවන බවද මන්ත්‍රීවරයා චෝදනා කරයි.

පසුගිය කාලයේදී මෙරටින් මත්ද්‍රව්‍ය හමුවූ සෑම වස්ථාවකම රාජපක්ෂලාට චෝදනා කළ ආණ්ඩුව මෙවර චෝදනා කරන්නේ කාටදැයි ප්‍රශ්න කළ නාමල් රාජපක්ෂ මහතා, මෙවර අත්අඩංගුවට ගත් සැකකරුද රඳවා ගැනීමේ නියෝග ලබාගෙන ඔහු පිටුපස සිටින දේශපාලඥයන් සොයාගත යුතු බවට ඉල්ලා සිටියේය. පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් ඇතුළු කිසිවෙකු කුඩු විකිණීම නවතා අයවැය යෝජනා ක්‍රියාත්මක නොකළහොත් නැවතත් සියයට තුනට වැටීම නතර කළ නොහැකි බවටද මන්ත්‍රීවරයා ආණ්ඩුවට දැඩි ලෙස අවවාද කළේය.

රටින් ලාදුරු තුරන් කිරීමේ නව සැලැස්ම එළිදකී

මේ අතර, මෙරටින් ලාදුරු රෝගය තුරන් කර දැමීමේ වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරමින් ජාතික ලාදුරු සමුළුව අද (නොවැම්බර් 06) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී ආරම්භ විය. එහි සමාරම්භක අවස්ථාවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද එක් විය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන්, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ සසකාවා පදනමේ සහයෝගීතා දායකත්වයෙන් සංවිධානය කර ඇති මෙම සමුළුවේදී, ඉදිරි වසර 10 තුළ ශ්‍රී ලංකාවෙන් ලාදුරු රෝගය තුරන් කිරීම සඳහා වන මාර්ග සිතියම එළිදැක්වීම සිදු විය.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ, 1995 වසරේදී ලාදුරු රෝගය මහජන සෞඛ්‍යයට තර්ජනයක් නොවන අයුරින් තුරන් කළද, එම ගමන තවමත් අවසන් වී නොමැති බවයි. නව ලාදුරු රෝගීන් අඛණ්ඩව හමුවෙමින් පවතින බවත්, වසරකට රෝගීන් 1500 – 2000ක් පමණ අලුතින් හඳුනා ගැනෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. ඒ අතරින් 10%ක් පමණ වයස අවුරුදු 10ට අඩු කුඩා දරුවන් වීම කනගාටුවට කරුණකි. ඒ අනුව වසර 2035 වන විට ශ්‍රී ලංකාව ලාදුරුවලින් තොර රටක් බවට පත් කිරීමට වත්මන් රජය සැලසුම් කරමින් සිටින බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles