back to top
Thursday, October 30, 2025
spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

spot_imgspot_imgspot_imgspot_img

Related News

බුවනෙක රාජසබා මණ්ඩපයට දැමූ නඩුව ඉල්ලා අස්කර ගත්තාට නාමල්ට රු.මි. 3.75ක වන්දි නඩුවක්!

කුරුණෑගල මහ නගර සභාවේදී, කෘෂිකර්ම හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගෙන් රුපියල් මිලියන 3.75ක මුදලක් අය කර ගැනීමට නියෝජිත යෝජනාවක් ඉදිරිපත් වී තිබේ. මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ සමගි ජන බලවේගය නියෝජනය කරන කුරුණෑගල මහ නගර සභාවේ විපක්ෂ නායක සුමේධ අරුණශාන්ත මහතා විසිනි.

මෙම මුදල අය කර ගත යුතු වන්නේ බුවනෙකබාහු රාජ සභා මණ්ඩපය කඩා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු සමාජගත කරමින්, පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ගොනු කරන ලද නඩුවක් වෙනුවෙන් මහ නගර සභාවට දැරීමට සිදු වූ වියදම සඳහා බව අරුණශාන්ත මහතාගේ යෝජනාවේ සඳහන් වේ. තමන් විසින් මෙම යෝජනාව මාසික රැස්වීමට පෞද්ගලික යෝජනාවක් ලෙස ඉදිරිපත් කළ බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අරුණශාන්ත මහතා පෙන්වා දුන්නේ, දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් වත්මන් නියෝජ්‍ය අමාත්‍යවරයා, එම කාලයේදී කුරුණෑගල මහ නගර සභාව, නගරාධිපතිවරයා සහ තවත් වගඋත්තරකරුවන් කරමින් මැණ්ඩාමුස් රිට් ආඥාවක් ඉල්ලා අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කළ බවයි. එම නඩුවට පෙනී සිටීම සඳහා කුරුණෑගල මහ නගර සභාවට නිරපරාදේ වැය කිරීමට සිදුවූ එම මුදල, නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් අය කර ගත යුතු බව ඔහුගේ අදහසයි.

නාමල් කරුණාරත්න මහතා විසින් පවරා තිබූ අභියාචනා නඩුවට නඩු ගාස්තු ලෙස රුපියල් මිලියන 24ක මුදලක් ගෙවීමට මුදල් ස්ථාවර කමිටුව විසින් නිර්දේශ කර තිබූ අතර, නීත්‍යානුකූලව එම මුදල සභාවෙන් දරා තිබේ. අනතුරුව, අදාළ ස්ථානය පුරාවිද්‍යා වටිනාකමක් නැති ස්ථානයක් බවට ප්‍රබල සාක්ෂි සහිතව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද මෝසමක් හේතුවෙන්, නාමල් කරුණාරත්න මහතා විසින් ගොනු කරන ලද නඩුව ඉල්ලා අස්කරගෙන ඇත. මෙම තත්ත්වය මත, බොරු නඩුවක් පටලවමින් කුරුණෑගල මහ නගර සභාවට නිරපරාදේ වැය කිරීමට සිදුව ඇති මහජන මුදල් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගෙන් අය කර ගත යුතු බවට එම යෝජනාවෙන් අවධාරණය කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles