back to top
Thursday, October 23, 2025
spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

spot_imgspot_imgspot_imgspot_img

Related News

චතුරංග කරන්න ගිය ව්‍යාපාරික ගනුදෙනුවේ සුලමුල මෙන්න!

නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා කිංග්ස්බරි හෝටලයේදී එතනෝල් සමාගමක් සමඟ සාකච්ඡා කිරීම සම්බන්ධයෙන් වූ ආන්දෝලනාත්මක ‘ඩීල් එක’ පිටුපස සිටින්නේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා බවට වරුණ රාජපක්ෂ මහතා නව හෙළිදරව්වක් සිදු කරයි.

වරුණ රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ, කළුතර සමූපකාර සමිතියට අයත් පයාගල ඩිස්ටිලරීස් ආයතනයේ කොටසක්, මීට පෙර එවකට සමූපකාර විෂය භාරව සිටි අමාත්‍යවරයාගේ මැදිහත්වීම මත සිනර්ජි ඩිස්ටිලරීස් (Synergy Distilleries) නමැති ආයතනයක් ලබාගෙන ඇති බවත්, එය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් බවට තොරතුරු ඇති බවත්ය.

චතුරංග අබේසිංහ මහතා ගෙන ආ නව රුපියල් කෝටි 10ක ඩීල් එක, මෙම සමූපකාර ආයතනයේ ඉතිරි කොටසට සහ සමස්ත ව්‍යාපාරයටම අදාළව ගෙන ආවක් බවට හෙතෙම විශ්වාසය පළ කරයි. මෙම ඩීල් එක සම්බන්ධයෙන් චතුරංග අබේසිංහ මහතාට ප්‍රශ්න කිරීමෙන් අනතුරුව, “ඩීල් එකට එක්කන් ආපු ව්‍යාපාරිකයා” පක්ෂයට වැඩ කළ සහෝදරයෙකු ලෙස පිරිසක් විසින් හඳුන්වා දී ඇති බවද ඔහු පෙන්වා දෙයි.

වරුණ රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටින්නේ, මෙම ව්‍යාපාරිකයා කුරුණෑගල ජොන්ස්ටන් බවට තමා තොරතුරු හෙළි කරන බවයි. තවද, මෙම හෙළිදරව් මඩ ගැසීමක් නොව, රටේ සිදුවන වංචනික ගනුදෙනු හෙළිදරව් කිරීමක් බවත්, තමන්ට චතුරංග අබේසිංහ මහතා සම්බන්ධයෙන් මීට පෙර ධනාත්මක අදහසක් තිබූ බවත් ඔහු පවසයි. කෙසේ වෙතත්, දැන් ඔහුද බොරු කීමට සහ ඩීල් දැමීමට පුරුදු වී ඇති බවට චෝදනා කරන වරුණ රාජපක්ෂ, තවත් සාක්ෂි අවශ්‍ය පරිදි ඉදිරියේදී හෙළිදරව් කරන බවට අනතුරු අඟවයි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රාසමාණික්කම් මහතා අද (22) පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ ඇමතිවරුන් දෙදෙනෙකු සම්බන්ධ වූ බව කියන ආන්දෝලනාත්මක ‘හොර ඩීල්’ ගනුදෙනුවක් පිළිබඳව කරුණු හෙළිදරව් කළේය.

ඔහු සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චතුරංග අබේසිංහ සහ නජිත් ඉන්දික යන මහත්වරුන් පසුගිය මාසය ඇතුළත කිංග්ස්බරි හෝටලයේදී ව්‍යාපාරිකයෙකු හමුවී ගනුදෙනුවක් සිදු කිරීමට උත්සාහ කර ඇති බවයි.

මෙම ගනුදෙනුව සම්බන්ධ වන්නේ සීමා සහිත කළුතර ස්ථාගාර සමූපකාර සමිතියට අයිති, පයාගල පිහිටි සුවිශේෂී බලපත්‍රයක් හිමි ස්ථාගාරයක් (ඩිස්ටිලරීස්) විකිණීමට බව රාසමාණික්කම් මහතා පෙන්වා දුන්නේය. ඔහු කියා සිටියේ, මෙම ස්ථාගාරය 1950 වසරටත් පෙර සිට පැවති බලපත්‍රයක් සහිත, ආනයනය කිරීමට සහ බෙදා හැරීමට අවසර ඇති විශේෂ බලපත්‍රයක් බවයි.

‘ලීස් කිරීමේ’ යෝජනාවක්:

ගනුදෙනුවට අදාළ, ‘ලීස් කිරීමට සහ සමූපකාර ඩිස්ටිලරීස් ආයතනය නැවත ආරම්භ කිරීමට අදාළ යෝජනා ලිපියක්’ (Letter of intent to lease and restart the Cooperative Distilleries Society) තමා සතුව ඇති බවත්, මන්ත්‍රීවරුන් දෙදෙනා එම යෝජනාව රැගෙන කිංග්ස්බරි හෝටලයට ගිය බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

නජිත් ඉන්දික මහතාගේ පිළිතුර:

මෙහිදී නැගී සිටි නියෝජ්‍ය අමාත්‍ය නජිත් ඉන්දික මහතා සඳහන් කළේ, තමන් හෝ මන්ත්‍රී චතුරංග අබේසිංහ මහතා හෝ එවැනි ගනුදෙනුවක් ගැන කතා කර නැති බවයි. කෙසේ වෙතත්, සමාජ මාධ්‍ය හරහා මෙම සිද්ධිය දැනගත් බව පැවසූ ඔහු, “කවුරු හරි කොහේ හරි කැමරාවක් අටවගෙන යූටියුබ් එකක් කර පලියට ඒක අරගෙන වගකීම නැතුව මේ සභාවේ කියන්න බැහැ” යනුවෙන් චෝදනා කළේය.

රාසමාණික්කම් මහතාගේ දැඩි ප්‍රතිචාරය:

ඊට පිළිතුරු දෙමින් රාසමාණික්කම් මහතා දැඩි ස්ථාවරයක සිට ප්‍රකාශ කළේ, මෙය “ඔහේ යන දෙයක් නෙමෙයි” බවත්, ආණ්ඩුවට වහාම කිංග්ස්බරි හෝටලයේ CCTV දර්ශන පරීක්ෂා කර බලා සත්‍ය තොරතුරු සොයා ගත හැකි බවත්ය. ඔහු ආණ්ඩුවට සිහිපත් කළේ, ජනතාව මේ රජයට වංචා දූෂණ නැවැත්වීමට ජන වරමක් ලබා දුන් බවයි.

ඔහු තවදුරටත් කියා සිටියේ, එවකට හිටපු ඇමතිවරයෙක් මහා පරිමාණයෙන් වංචා කර මෙම ස්ථාගාරයේ බෝතල් කිරීමේ අංශය විකුණා දැමූ උදාහරණය නැවත ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන බවක් මෙයින් පෙනී යන බවයි. මේ පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙසද ගරු රාසමාණික්කම් මහතා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles