back to top
Wednesday, October 22, 2025
spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

spot_imgspot_imgspot_imgspot_img

Related News

කෙහෙල්බද්දර පද්මේ පියුමිගේ ක්‍රීම් ගාලා CID ප්‍රශ්ණයක්!

ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඊයේ (21) කැඳවා පැය දෙකක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. මෙම විමර්ශනය, කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාගේ ජංගම දුරකථනයෙන් සොයාගත් ඡායාරූපයක් මූලික කරගෙන ක්‍රියාත්මක වන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. වාර්තා වන ආකාරයට, මෙම ඡායාරූපයේ පද්මේ මහතා සමඟ පියුමි හංසමාලි ඇතුළු තවත් ප්‍රසිද්ධ රංගන ශිල්පිනියන් කිහිප දෙනෙකුද සිටින බව අනාවරණය වී ඇත.

පොලීසිය වැඩිදුරටත් තහවුරු කර ඇත්තේ, පද්මේ මහතාගේ දුරකථනයේ පියුමි හංසමාලි සමග පැවැත්වූ දුරකථන සංවාද කිහිපයක් ද තිබී ඇති බවයි. මෙම ඡායාරූපයට සම්බන්ධ සෙසු රංගන ශිල්පිනියන් ද ඉදිරි දිනකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ප්‍රකාශ ලබා ගැනීමට සැලසුම් කර ඇත. මෙරට නීතිය ක්‍රියාත්මක කරන ආයතන විසින් මේ වනවිට අවධානය යොමු කර ඇත්තේ, කෙහෙල්බද්දර පද්මේ සහ පියුමි හංසමාලි අතර මුදල් ගනුදෙනු සිදු වී ඇත්ද යන්න පිළිබඳවයි. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවකදී මෙම ප්‍රශ්නය පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වෙත යොමු වූ අතර, ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී නිල වාර්තාවක් ලබා දෙන බව ඔහු සඳහන් කළේය.

මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් පියුමි හංසමාලි සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ, මීට වසර හතරකට පමණ පෙර ඩුබායිහිදී ඇයට කෙහෙල්බද්දර පද්මේ මුණගැසුණු බවත්, ඔහු තම බිරිඳ සහ දරුවන් සමඟ පැමිණ ඡායාරූප ගත් බවත්ය. තවද, කිසිම අවස්ථාවකදී කෙහෙල්බද්දර පද්මේ සමඟ මුදල් ගනුදෙනු සිදුකර නොමැති බවත්, කිසිවෙකුගේ නීති විරෝධී ‘කලු සල්ලි’ තමන්ට අවශ්‍ය නොවන බවත් ඇය දැඩිව ප්‍රකාශ කර සිටියාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles