Saturday, October 18, 2025
spot_imgspot_imgspot_img

Top 5 This Week

spot_img

Related News

නිපුන ආරච්චිගෙන් ජවිපෙ අභ්‍යන්තර කැරැල්ලක්?

ජාතික ජන බලවේගයේ (NPP) ප්‍රධාන දේශපාලන ක්‍රියාකාරිකයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුන ආරච්චි මහතාට පක්ෂය තුළින්ම කුඩම්මාගේ සැලකිලක් ලැබෙන බවට වූ චෝදනාවක් මත පුළුල් සංවාදයක් නිර්මාණය වී තිබේ.

2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත යටතේ අනෙකුත් මාලිමා මන්ත්‍රීවරුන් කෝටි ගණන් වත්කම් ප්‍රකාශ කරන විට, කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන නිපුන ආරච්චි මහතාගේ වත්කම් බැරකම් ප්‍රකාශයේ බොහෝ දේපළ හා ආදායම් තීරු ඉරක් ගසා හිස්ව තිබීම මෙම තත්ත්වයට හේතුවයි.

“ලකී කෙතරම් අන්ලකීද?”

ලේඛක මංජුල වෙඩිවර්ධන මහතා විසින් පුවත්පතක ලියන ලද “ලකී කෙතරම් අන්ලකීද?” (ලක්ෂ්මන් නිපුන ආරච්චි හැඳින්වීමට යොදන ‘ලකී’ යන නම ඇසුරින්) යන මාතෘකාව යටතේ වූ ලිපියෙන් මෙම කාරණය ඉස්මතු තවදුරටත් ඉස්මතු කර තිබේ. එම ලිපියේ සඳහන් වන පරිදි, නිපුන ආරච්චි මහතා සතුව මන්ත්‍රීවරයෙකුට තිබිය යුතු නිවාස, වාහන, වතුපිටි හෝ මාසික ආදායමක් නොමැති බව ඔහුගේ වත්කම් ප්‍රකාශයෙන් සනාථ වී ඇත.

පෞද්ගලික කැපකිරීම් පක්ෂය තුළ අගය නොකිරීම

පසුගිය දශක තුනකට ආසන්න කාලයක් ජනතා විමුක්ති පෙරමුණේ (JVP) පූර්ණකාලීන ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කිරීම වෙනුවෙන්, ඔහුට හිමිව තිබූ ව්‍යාපාරික අවස්ථා අත්හැර දැමූ අතර, නිල වශයෙන් ලැබුණු වැටුප පවා පක්ෂයට ලබා දීමෙන් ඔහු දැඩි පෞද්ගලික කැපකිරීමක් කර ඇත. මංජුල වෙඩිවර්ධන මහතා පෙන්වා දෙන්නේ නිපුන ආරච්චි මහතාගේ මෙම වත්කම් ප්‍රකාශය, පක්ෂයේ සෙසු “ගේම්කාර දෙබිඩි ජීවිතයක් ඇති” නායකත්වයට එල්ල වූ “කාල බෝම්බයක්” බවයි.

ජ්‍යෙෂ්ඨත්වය, කැපකිරීම් සහ යහපත් සමාජ පරමාර්ථයන් වෙනුවෙන් කටයුතු කළ නිපුන ආරච්චි මහතාට ඔහුගේ දේශපාලන ඉතිහාසය මත ලැබිය යුතු තනතුරු හා වගකීම් සහමුලින්ම කප්පාදු කර ඇති බවට චෝදනා එල්ල වන අතරම ඔහුගේ මිතුරන් පවසන්නේ, නිපුන ආරච්චි මහතා දේශපාලනයට නොපැමිණියේ නම්, අද වන විට ඔහු දක්ෂ නාට්‍යකරුවෙකු හෝ මහ ව්‍යාපාරිකයෙකු වීමට ඉඩ තිබූ බවයි.

මෙම තත්ත්වය, නිර්ධන පංති දේශපාලනය වෙනුවෙන් පෙනී සිටින බව කියන පක්ෂයක් තුළ පවා පුද්ගලික ශක්තිය සහ පක්ෂපාතීත්වය අතර ගැටුමක් ඇති වී ඇති බවට සාමාජිකයන් අතර සංවාදයක් ඇති කර ඇත.

මේ අතර අදාළ සිදුවීම පිළිබඳව දේශපාලන විශ්ලේෂක, ප්‍රවීණ දේශපාලන විද්‍යා දේශක හේමප්‍රිය කවිරත්න මහතා ද අදහස් දක්වා ඇති අතර එයින් නිපුන ආරච්චි මහතාගේ වත්කම් බැරකම් ප්‍රකාශනය පදනම් කරගෙන මතු වූ දේශපාලන සංවාදය විස්තර කරයි. එමෙන්ම, දේශපාලනය වෘත්තියක් ලෙස සැලකීමේ අවශ්‍යතාවය සහ පක්ෂය තුළ ඇති වී ඇති “වාමාංශික කුහකත්වය” පිළිබඳව මෙහිදී අවධාරණය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles