අධිකරණ තීන්දුවක් ක්‍රියාත්මක නොකරන ලෙසට තමන් පොලීසියට උපදෙස් දුන් බව ජාතික ජන බලවේගය (NPP) නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිනී ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමක් අතරතුර ප්‍රකාශ කර තිබේ.
නාරාහේන්පිට ප්‍රදේශයේ අනවසර පදිංචිකරුවන් පිරිසක් ඉවත් කිරීම සම්බන්ධයෙන් පැවති සංවාදයකදී ඇය මෙම කරුණ හෙළි කර ඇති අතර, තමන් පොලීසියට උපදෙස් ලබා දුන් බවත්, ඒ සම්බන්ධයෙන් පොලීසිය සමඟ එකඟතාවයකට පැමිණි බවත් මන්ත්‍රිනිය සඳහන් කළාය.
කෙසේ වෙතත්, එම අවස්ථාවට මැදිහත් වූ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා දැඩි ස්ථාවරයක සිට කියා සිටියේ, අධිකරණ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීමේදී ඊට ආණ්ඩුව මැදිහත් නොවන බවයි.
නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය විසින් අධිකරණ තීන්දුවක් ක්‍රියාත්මක නොකරන ලෙස පොලීසියට ලබා දුන් මෙම නියෝගය සම්බන්ධයෙන් මේ වන විට දැඩි ආන්දෝලනයක් හටගෙන තිබේ. මෙම ක්‍රියාව සම්බන්ධයෙන් විපක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ නීතිමය පියවර ගැනීමට සූදානම් වන බවට වාර්තා වේ. ඔවුන් දැනුම් දී ඇත්තේ ‘2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීමේ පනත’ යටතේ ඇයට එරෙහිව පැමිණිලි කිරීමට නියමිත බවයි.