back to top
Saturday, October 18, 2025
spot_imgspot_imgspot_img

Top 5 This Week

spot_img

Related News

ටී.බී. සරත්ගෙන් අපරාධකාරියකගෙන් වැඩක් ගන්න යෝජනාවක්!

බරපතළ අපරාධයක් සිදුකිරීමෙන් පසු ඉෂාරා සෙව්වන්දි නම් කාන්තාව ගමන් කළ මාර්ගය සැලකීමේදී ඇය සතු බුද්ධිමය හැකියාව පිළිබඳව පුදුමයට පත්වන බව නිවාස කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ උත්සව සභාවක් අමතමිනි.

“අපරාධයෙන් පසුව ඇය කාන්තාවක් විදිහට ගමන් කරපු ගමන් මාර්ගය ගත් විට ඇය බුද්ධිමය හැකියාවක් සතු කෙනෙක් බව පැහැදිලි වෙනවා. ඇයගේ ශක්තිය, ඇයගේ දැනුම, ඇයගේ හැකියාව, මේ රට ගොඩනැඟීමට දායක කර ගත්තා නම් මොන තරම් රටක් හැදෙයිද කියා” හෙතෙම විශ්වාසය පළ කළේය.

මෙමඟින් පැහැදිලි වන්නේ රටට යම් යම් සන්ධිස්ථානවලදී වැරදීම් සිදුව ඇති බවක් බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. ඉෂාරා සෙව්වන්දිගේ ශක්තිය, දැනුම සහ හැකියාවන් රට ගොඩනැගීම වෙනුවෙන් යොදාගනු ලැබුවා නම් මෙයට වඩා දියුණු රටක් අපට ගොඩනැගීමට හැකිවනු ඇති බවද ටී.බී. සරත් මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

ජාතික ජන බලවේගයේ පාලනය තුළ කොළඹ සිට පොලොන්නරුව දක්වා සෑම කිලෝමීටර් 4 – 5කට එකක් බැගින් පොදු වැසිකිලි පද්ධතියක් ඉදිකරන බවට ප්‍රකාශ කළේ ද නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතායි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles