Wednesday, October 15, 2025
spot_imgspot_imgspot_img

Top 5 This Week

spot_img

Related News

මනූෂ විශ්වාසයි: රස්සා දුන්නු චෝදනාවට අධිකරණයෙන් ඇප දී කියයි!

ඊශ්‍රායලයට කෘෂිකාර්මික රැකියා සඳහා සේවකයින් යැවීමේදී බලය අයුතු ලෙස පරිහරණය කර දූෂණ චෝදනා එල්ල වූ හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (15) නියෝග කළේය.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කළේ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් සහ සැකකරුගේ නීතිඥවරුන් විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුවය.

ඒ අනුව, හිටපු අමාත්‍යවරයා රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 4 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කෙරිණි.

මීට අමතරව, හිටපු අමාත්‍යවරයාගේ විදේශ ගමන් තහනම් කිරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසටද ඇප කොන්දේසියක් පැනවීය.

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාට චෝදනා එල්ල වී තිබුණේ, ඉකුත් රජය සමයේ ඊශ්‍රායලයට කෘෂිකාර්මික රැකියා සඳහා සේවකයින් යැවීමේදී, දේශපාලනික වශයෙන් හිතවත් පුද්ගලයින් යැවීම තුළින් සිය බලය අයුතු ලෙස පරිහරණය කර දූෂණය නමැති වරද සිදු කිරීම සම්බන්ධයෙනි.

ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ, සැකකාර හිටපු අමාත්‍යවරයා ස්වේච්ඡාවෙන්ම අද දින අල්ලස් කොමිසම වෙත ගොස් ප්‍රකාශයක් ලබා දී ඇති බවත්, එහිදී ඔහු අත්අඩංගුවට පත් වූ බවත්ය. මෙවැනි වාතාවරණයක් තුළ සැකකරු අධිකරණය මගහැර යාමට පවතින ප්‍රවණතාව අවම මට්ටමක පවතින බවද මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේය.

මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් වැඩිදුර කටයුතු සඳහා දෙසැම්බර් මස 10 වන දින අධිකරණය හමුවේ යළි කැඳවීමට නියම කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles