2026 වසරට අදාළ අයවැයට සමගාමීව රජයේ සංවර්ධන ඉලක්ක වේගවත් හා කාර්යක්ෂම කිරීමේ අරමුණින් නව කැබිනට් සංශෝධනයක් සිදු කර තිබේ.
ඒ අනුව, නව අමාත්‍යවරුන් තිදෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 10 දෙනෙකු පත් කරනු ලැබ ඇත.
නව කැබිනට් සංශෝධනය යටතේ දිවුරුම් දීමට නියමිත නව අමාත්‍යවරුන් මෙසේය:
- බිමල් නිරෝෂණ රත්නායක මහතා: ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ලෙස.
- අනුර කරුණාතිලක මහතා: වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස.
- හේරත් මුදියන්සේලාගේ සුසිල් රණසිංහ මහතා: නිවාස ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍යවරයා ලෙස.
රජයේ තීරණය වී ඇත්තේ, ඉදිරි සංවර්ධන අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීම සඳහා කැබිනට් මණ්ඩලයේ ඇතැම් අමාත්‍යාංශවල වගකීම් යළි බෙදාහැරීම සහ නව පත්වීම් ලබා දීමයි. මෙම සංශෝධනය රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට මූලික වශයෙන් ඉලක්ක කර ගෙන ඇත.
කෙසේ නමුත් දේශපාලන විචාරකයන් මේ පිළිබඳව අදහස් දක්වමින් පවසන්නේ ආණ්ඩුවේ අසාර්ථකත්වය කැබිනට් මාරුවකින් පමණක් විසඳාගත නොහැකි බවයි.



