Monday, October 13, 2025
spot_imgspot_imgspot_img

Top 5 This Week

spot_img

Related News

මට එයා 245කට ඕනේ: වසන්ත ටුවර් එකට සෙට් වුණ PRO ගැන කතා කරයි!

අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සමඟ කැමරූන්හි පැවැත්වෙන ලෝක වෙළඳ සංවිධානයේ වාර්ෂික සමුළුවට සහභාගී වීමට නියමිතව සිටි විශේෂ කාන්තාවකගේ සංචාරය සම්බන්ධයෙන් පාර්ලිමේමේන්තුවේදී මතු වූ ප්‍රශ්න කිරීම් හේතුවෙන්, අද (ඔක්තෝබර් 09) දිනයේදී ඇයගේ නම සංචාරක නාමලේඛනයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඊයේ (ඔක්තෝබර් 08) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේ, අදාළ කාන්තාව මහජන සම්බන්ධතා නිලධාරිනියක් ලෙස මෙවැනි සමුළුවකට රැගෙන යන්නේ කුමන අරමුණකින්ද යන්නයි.

ජනපති කාර්යාලයේ මැදිහත්වීම

ඒ අනුව වාර්තා වන්නේ, මෙම සංචාරය සඳහා නම්කර තිබූ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ මහජන සම්බන්ධතා නිලධාරිනිය වන නිමෝධි වික්‍රමසිංහ මහත්මියගේ නම, ජනාධිපති කාර්යාලය විසින් නාම ලේඛනයෙන් ඉවත් කර ඇති බවයි.

ඇමතිවරයාගේ කරුණු පැහැදිලි කිරීම

මේ අතර, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන ලෝක වෙළෙඳ ප්‍රතිපත්ති සමාලෝචන සාකච්ඡාව සඳහා සම්බන්ධීකරණ නිලධාරිනියක් රැගෙන යාමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් අද (ඔක්තෝබර් 09) පාර්ලිමේන්තුව අමතමින් ඇමති වසන්ත සමරසිංහ මහතා කරුණු පැහැදිලි කළේය.

ඇමතිවරයා එහිදී සඳහන් කර සිටියේ:

ලංකාවේ වෙළෙඳ ප්‍රතිපත්තිය පිළිබඳව දින තුනක් තුළ පිළිතුරු දීමට දැනටමත් ප්‍රශ්න 245ක් ඉදිරිපත්ව ඇති බවයි.

මෙම පිළිතුරු ලබාදීමේදී නැවත ප්‍රශ්න ඇසීමට ඉඩ ඇති බැවින්, එරටදී ශ්‍රී ලංකාව සමඟ සම්බන්ධ වෙමින් “කන්ටැක්ට් පොයින්ට්” (Contact Point) ලෙස රාජකාරියක් ඉටුකිරීමේ අවශ්‍යතාව පවතින බවයි.

කෙසේ වෙතත්, මෙම කරුණ සම්බන්ධයෙන් කිසිදු තේරුමක් නොමැතිව විපක්ෂයේ ඇතැම් පිරිස් කටයුතු කර ඇති බවත්, විපක්ෂයට හිතවාදී සමාජ මාධ්‍ය ඔස්සේ ද විවිධ දේ පළකර ඇති බැවින්, ඒ සම්බන්ධව ඉදිරියේදී අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles