back to top
Tuesday, November 4, 2025
spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

spot_imgspot_imgspot_imgspot_img

Related News

හඳුන් බිග් ක්වෙච්චන් එකක්: මාලිමාවේ ගැටුම බිමල්ගෙන් එලියට පනියි!

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (30) පැවති මාධ්‍ය හමුවකට එක් වූ අමාත්‍ය බිමල් රත්නායක මහතා, එහිදී මාධ්‍යවේදීන් සමග ඇති වූ සුහද කතාබහක් හේතුවෙන් සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයාගේ මෑතකාලීන ‘නොබෙල් ත්‍යාගය’ පිළිබඳ ප්‍රකාශය සිහිපත් වී මහ හඬින් සිනාසුණේය. මෙම වීඩියෝව මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතී.

මාධ්‍ය සාකච්ඡාවට පෙර මාධ්‍යවේදීන් සහ බිමල් රත්නායක අමාත්‍යවරයා අතර ඇති වූ සංවාදයේදී, මාධ්‍යවේදියෙකු ඇසූ “බිග් ක්වෙෂන්” යන ප්‍රශ්නය හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත විය.

මාධ්‍යවේදී: “බිමල් රත්නායක අමාත්‍යවරයා… ජර්නලිස්ලගේ මොබ‍යිල් රින්ග් උනාට ප්‍රශ්නයක් නෑ නේද. අපේ රින්ග් උනානම්. බිග් ක්වෙෂන් යනුවෙන් විමසා සිටියේය.”

බිමල් රත්නායක අමාත්‍යවරයා: ඔලුවේ අත තබාගෙන සිනාසෙමින්… “අයියෝ අයියෝ.. මම මේ ළඟදී තමයි දැනගත්තේ කොහොමද ඕක හැදුනේ කියලා.”

මාධ්‍යවේදියා: “මේ සතියෙත් එකක් තියෙනවා.”

බිමල් රත්නායක අමාත්‍යවරයා: “එහෙමද ඒ මොකක්ද…?”

මාධ්‍යවේදියා: “නොබෙල් ත්‍යාගය.”

බිමල් රත්නායක අමාත්‍යවරයා: සිනහව සඟවාගෙන… “ආ එහෙම නේ…….”

https://www.facebook.com/share/r/1BaSMgoYwr

මෙම කතාබහෙන් පැහැදිලි වූයේ ඇමති බිමල් රත්නායක ද, කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පසුගියදා ජපානයේදී මෙරට තේ කිලෝවක් සඳහා ලැබුණු වාර්තාගත මිලක් වැරදීමකින් නොබෙල් ත්‍යාගයක් ලෙස හැඳින්වීම පිළිබඳව දැනුවත්ව සිටි බවයි.

හඳුන්නෙත්තිගේ නිවැරදි කිරීම සහ විවේචන

මේ අතර, සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා තමන්ගේ ප්‍රකාශය නිවැරදි කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් ද නිකුත් කර තිබුණි. එහිදී ඔහු පැවසුවේ ගිනස් වාර්තාවක් යන්න වෙනුවට අතපසුවීමකින් නොබෙල් ත්‍යාගය ලෙස සඳහන් වූ බවයි.

කෙසේ වෙතත්, මෙම නිවැරදි කිරීමේ වීඩියෝවේදී පවා, ඇමතිවරයා ගිනස් වාර්තාව (Guinness record) වෙනුවට ජීන්ස් වාර්තාව ලෙසත්, නොබෙල් ත්‍යාගය යන වචනය වෙනුවට නොබෙල් වාර්තාව ලෙසත් වැරදි ප්‍රකාශ සිදුකිරීම විචාරකයන්ගේ දැඩි අවධානයට ලක් විය. එම වීඩියෝව පසුව ඉක්මනින් ඉවත් කිරීමටද කටයුතු කර තිබුණි.

වගකීම් විරහිත ප්‍රකාශයක්?

විචාරකයන් පෙන්වා දෙන්නේ, ජපානයේ ඔසාකා ලෝක ප්‍රදර්ශනයට (World Expo Osaka) සමගාමීව පැවති වෙන්දේසියේදී, නිව් විතානකන්දේ FFExSp කළු තේ කිලෝග්‍රෑමයක් සඳහා ජපන් යෙන් 125,000ක (ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් 860ක) අතිවිශේෂ මිලක් ලැබීම ශ්‍රී ලංකාවට අතිශය වැදගත් කෘෂිකාර්මික සහ ව්‍යාපාරික ජයග්‍රහණයක් බවයි. මෙය ලෝකයේ මිල අධිකම තේ ලෙස වාර්තා තැබීමට අවස්ථාවක් වූ අතර, එය ගිනස් ලෝක වාර්තා වැනි ආයතන විසින් පිළිගත හැකි වාර්තාවකි.

නමුත්, භෞතික විද්‍යාව, සාමය, සාහිත්‍යය වැනි ක්ෂේත්‍රවලට පමණක් පිරිනමන නොබෙල් ත්‍යාගය සමග තේ අලෙවි වාර්තාවක් පටලවා ගැනීම, වගකීම් විරහිතව කරුණු විමසා නොබලා ප්‍රකාශ සිදුකිරීමක් ලෙස විචාරකයෝ හඳුන්වති. මෙම තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට වැදගත් ජයග්‍රහණයක් පිළිබඳ ප්‍රකාශයක් හාස්‍යයට ලක්ව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles