නේපාලයේ නව අන්තර්කාලීන අගමැතිවරිය ලෙස එරට හිටපු අගවිනිසුරු සුෂිලා කාර්කි අද (සැප්තැම්බර් 12 වැනිදා ) රාත්‍රියේ දිවුරුම් දුන්නාය.
ජනාධිපති රාම් චන්ද්‍ර පෝඩෙල් විසින් ඇයව නේපාලයේ අන්තර්කාලීන අග්‍රාමාත්‍ය ධූරයට පත් කරනු ලැබුවේ Gen Z පාර්ශවය විසින් නිර්දේශ කළ පරිදි ය.
ඒ අනුව ඇය නේපාලයේ පළමු කාන්තා අගමැතිවරිය ලෙස ඉතිහාසයට එක්වේ.
Gen Z විරෝධතා පාර්ශවයේ නායකයින්, ජනාධිපති රාම් චන්ද්‍ර පෝඩෙල් සහ අනෙකුත් දේශපාලන නායකයින් මෙන්ම නීති විශේෂඥයින් අතර දින කිහිපයක් පැවති සාකච්ඡාවලින් පසුව ඇයව අන්තර්වාර අග්‍රාමාත්‍ය ධූරයට පත්කිරීමට එකඟතාවයට එළඹ තිබේ.
විරෝධතාව සහ ඒ ආශ්‍රිත සිදුවීම් අතරතුර පුද්ගලයින් 51 දෙනෙකුගේ ජීවිත අහිමි වී ඇති බව නේපාල පොලිසිය පවසයි.

තාවකාලික අගමැතිනිය ලෙස පත් කරන ලද සුෂිලා කාර්කි, මාස හයක් ඇතුළත නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සඳහා මැතිවරණයක් පැවැත්වීමට නියමිතය.
ඒ අනුව පාර්ලිමේන්තුව නොදුරේදීම විසුරුවා හැරෙනු ඇත.
පිරිසිදු ප්‍රතිරූපයක් ඇති අයෙකු ලෙස කාර්කි පුළුල් ලෙස සලකනු ලබන අතර, අන්තර්කාලීන රජයට නායකත්වය දීම සඳහා ඊනියා “Gen Z” කණ්ඩායමේ ශිෂ්‍ය නායකයින්ගේ සහාය ඇයට හිමිව තිබේ.
අන්තර්කාලීන අගමැති ධුරයට පත් කෙරුණ සුෂිලා කාර්කි යනු කවුද?

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
නේපාලයේ අධිකරණ පද්ධතිය ස්ථාපිත කිරීමේ වසර 65 කට වැඩි ඉතිහාසයේ පළමු කාන්තා අගවිනිසුරුවරිය බවට පත්වූයේ සුශිලා කාර්කි ය.
නේපාලයේ ප්‍රජාතන්ත්‍රවාදයේ වසර 75 ක ඉතිහාසයේ පළමු කාන්තා අගමැතිනිය වන්නේ ඇයයි.
ඇය අගවිනිසුරු ධුරයට පත්වන විට, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාශයට පත් කර වැඩි කාලයක් ගත වී නොතිබූ අතර, ඒ වන විට, මහාධිකරණයක් පිහිටුවීම ඇතුළු අධිකරණ ක්ෂේත්‍රයේ පරිපාලනය අභියෝගක් වී තිබිණි.
ඊට අමතරව, ඇය අගවිනිසුරු ධූරයට පත්වූයේ වසර ගණනාවක් පුරා ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් පවතින නඩු සංඛ්‍යාව ඉහළ මට්ටමක පැවති සහ විනිසුරුවරුන් සංඛ්‍යාව අඩු මට්ටමක පැවති කාලයකදීයි.
මතභේද කිහිපයක් හැරුණු විට, ඇයගේ ධුර කාලය පිළිබඳව මහජනතාව බොහෝ විට ප්‍රශ්න මතු කර නොමැත.
බිරත්නගර් හි උපත ලැබූ 73 හැවිරිදි ඇය ඉන්දියාවේ බනාරස් හින්දු විශ්ව විද්‍යාලයෙන් සහ නේපාලයේ ත්‍රිභුවන් විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීමෙන් පසු නීති වෘත්තියට පිවිසියාය.
බිරත්නගර් සහ ධරන් හි දශක තුනකට වැඩි කාලයක් ක්‍රියාකාරී නීතිඥවරයෙකු ලෙස කටයුතු කිරීමෙන් පසු ඇය සෘජුවම ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවරියක් ලෙස පත්වීම් ලැබුවාය.
නව නේපාල අගමැතිනියට ජනපති අනුරගෙන් සුබ පැතුම්
නේපාල අන්තර්කාලීන රජයේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ සුෂිලා කාර්කිට ජනාධිපති අනුර කුමාර දිසානායක සුබ පැතුම පිරිනමා තිබේ.
“නේපාලයේ අන්තර්කාලීන රජයේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වීම පිළිබඳ සුෂිලා කාර්කි මහත්මියට මගේ උණුසුම් සුබ පැතුම් පිරිනමමි. ඇයගේ නායකත්වය නේපාලය කල් පවතින සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙත නැවත පැමිණීමකට මෙහෙයවනු ඇතැයි අපට විශ්වාසයි,” යනුවෙන් ජනාධිපතිවරයා සිය X ගිණුමේ සටහනක් පළ කළේය.
නේපාලයේ හිටපු අගවිනිසුරු සුෂිලා කාර්කි, සිකුරාදා රාත්‍රියේ ජනාධිපති කාර්යාලයේ ෂීටල් නිවාස්හිදී අන්තර්කාලීන අගමැතිනිය ලෙස දිවුරුම් දුන් අතර, එම තනතුර දැරූ එරට පළමු කාන්තාව බවට ද පත්විය.
සැප්තැම්බර් 8 වැනිදා අවම වශයෙන් පුද්ගලයන් 51 දෙනෙකු මිය ගිය දැවැන්ත විරෝධතාවලින් පසුව ඇයගේ පත්වීම සිදුවිය.
පෙලපාලි මෙහෙයවූ GEN Z නියෝජිතයන්ගේ දැඩි සහයෝගය ඇතිව කාර්කි ඒ සඳහා ප්‍රමුඛ අපේක්ෂකයා විය.