හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට ලබාදී ඇති විශේෂ වරප්‍රසාද අහෝසි කිරීමට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට හැකි වන පරිදි අදාළ පනත් සංශෝධනය කර නව පනත් කෙටුම්පත් දෙකක් සකස් කිරීම සඳහා පසුගියදා ඇමති මණ්ඩලයේ අනුමැතිය හිමිවිය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් විශ්‍රාමික මන්ත්‍රීවරු එකමුතුව පවසන්නේ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කරහොත් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
මන්ත්‍රීවරුන් පන්සියයකට අධික ප්‍රමාණයක් සාමාජිකත්වය ලබාගෙන ඇති විශ්‍රාමික මන්ත්‍රී එකමුතුව ජිනීවාහි මානව හිමිකම් කොමිසම් සභාවටද ලිපියක් ඉදිරිපත් කර ඇති අතර එමගින් පෙන්වා දී ඇත්තේ බොහොමයක් විශ්‍රාමික මන්ත්‍රීවරුන්ට ජීවත්වීම සඳහා වෙනත් ජීවනෝපායක් නොමැති බවයි.
ඒ අතරින් බහුතරයක් අසනීප තත්ත්වයන්ගෙන් පසුවන බැවින් ඔවුන්ට රැකියාවක් හෝ ව්‍යාපාරයක් කිරීමේ හැකියාවක්ද නොමැති බව එහි සඳහන්.
දැනට පවතින ලික අවශ්‍යතාවන් සම්පූර්ණ කර ගැනීමට පවා මෙම විශ්‍රාම වැටුපෙන් අසීරු තත්ත්වයක් මත මෙයද අහෝසි කර දැමීම අසාධාරණ බව ඔවුන් පවසයි.
දුප්පත් හිටපු මන්ත්‍රීවරුනට අස්වැසුම?
ඉදිරියේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කළ පසු ජීවත් වීමට අපහසු නම් අස්වැසුම ලබා දිය හැකි බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පැවැසීය.
අමාත්‍යවරයා අනුරාධපුයේ දී මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියේ යෝජිත පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහිමි කිරීමේ යෝජනාවට ඒරෙහිව අදහස් දැක් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනට ප්‍රතිචාර ලෙසිනි.
ජනතා බදු මුදලින් ජනාධිපතිවරුන් නඩත්තු කිරීම සේම පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුපත් අහෝසි කර දමන බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණයයෙන් කියා සිටියේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප නවතා දැමීමේ අදහසට ඒරෙහිව ජනතා විමුක්ති පෙරමුණේම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකු වන නන්දන ගුණතිලක සහ ප්‍රේමසිරි මානගේ යන අය පසුගියදා අදහස් පළ කරමින් කියා සිටියේ මන්ත්‍රී විශ්‍රාම වැටුප නොමැතිව තමන්ට ජීවත්වීමට ආදායමක් නොමැති බවයි.
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රබලයකු වන නන්දන ගුණතිලක සිය ෆේස් බුක් හි සටහනක් තබමින් කියා සිටියේ මන්ත්‍රී විශ්‍රාම වැටුප නවතා දැමුවහොත් මරාගෙන මැරෙන්න සූදානම් බවයි.