
බාල ගල් අඟුරු ගනුදෙනුව නිසා රුපියල් කෝටි 767 පාඩුවක් සිදුව තිබෙන බව විදුලිබල මණ්ඩලය පාර්ලිමේන්තුවට පෙන්වා දී තිබුණත් ඊට වඩා විශාල පාඩුවක් එමගින් රටට සිදුව තිබෙන බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.
මේ වන විට ගොඩ බාමින්ඇත්තේ 09 වන ගල්අඟුරු නැව බව පෙන්වා දෙන ඒ මහ තවත් නැව් 15 පැමිණීමට නියමිත බවත් බාල ගල් අඟුරු නිසා බලාගාරයට හානි සිදුවුවහොත් බලාගාරය නැවතසකස් කර ගැනීමට මාස 06කට වැඩි කාලයක් ගත වන බව අනාවරණය කළේය.
වත්මන් රජය බාල ගල් අඟුරු හේ ගෙන්වීම නිසා රටට සිතුව ඇති පාඩුව හා
එහි අනිසි ප්‍රති විපාකපිළිබඳව මහත්තියට අදහස් දක්වමින් මේ පවසඳහන් කළ විමල් වීරවංශ මහතා තවදුරට කියායා සිටියේ විදුලිබල මණ්ඩලය විසින් පෙන්වා දී තිබෙන්නේ බාල ගල් අඟුරුවලින් විදුලිය නිෂ්පාදනය කිරීමේදී ඇති වන පාඩුව පමණක් බවයි.
- එහෙත් බාල ගල් අඟුරු නිසා පරිසරයට සිදුවන හානියට අදාළ පාඩුව, නියමිත ප්‍රමාණයට වඩා අළු පරිසරයට එකතුවීමෙන් සිදුවන පාඩුව, නොරොච්චෝල අවට ප්‍රදේශවලට සිදුවන බලපෑම් හෝ බලාගාරයට අනාගතයේ සිදු විය හැකි බලපෑම් හෝ විදුලි කප්පාදුවකට ගියහොත් ඉන් සිදුවන පාඩුව ගණනය කර නොමැති බව ඔහු සඳහන් කළේය.
සොරකම් නොකරන බවට ප්‍රතිඥා දී ප්රතිඥාතී බලයට පැමිණිි ආණ්ඩුව ඉතිහාසයේ විශාලතම සොරකම ගල් අඟුරු ගෙන්වීමවීම හරහා සිදුකර ඇති බව ඒ මහතා පෙන්වා දුන්නේය.
මෙම සිද්ධිය සම්බන්ධව පූර්ණ විමර්ශනයක් සිදුකර ඊට වගකිව යුතු සියලුනාට දැඩි දඬුවම් ලබා දිය යුතු බව
වීරවංශ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



