back to top
Tuesday, February 3, 2026
spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

spot_imgspot_imgspot_imgspot_img

Related News

සිරිකොතින් ‘ස්ටාර්ලින්ක්’ සමඟ නව දේශපාලන යුගයක් ඇරඹෙයි!

වත්මන් මාලිමා රජය සාම්ප්‍රදායික දේශපාලන සටන් පාඨ සහ මර්දනකාරී ක්‍රියාපිළිවෙත් තුළ සිරවී රට පස්සට ඇද දමමින් සිටින මොහොතක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂය තාක්ෂණික විප්ලවයකට සැරසෙයි. රටේ අනාගතය ඩිජිටල්කරණය මත පදනම් විය යුතු බව නිරන්තරයෙන් ප්‍රකාශ කළ රනිල් වික්‍රමසිංහ මහතාගේ දැක්මට අනුව, එළඹෙන පෙබරවාරි 04 වන දින නිදහස් දිනයට සමගාමීව සිරිකොත පක්ෂ මූලස්ථානය කේන්ද්‍ර කරගනිමින් මෙරට දේශපාලන ඉතිහාසයේ දැවැන්තම තාක්ෂණික මෙහෙයුම දියත් කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

වත්මන් රජය රාජ්‍ය සේවය සහ පරිපාලන ව්‍යුහය අකාර්යක්ෂමතාවයේ පතුලටම ඇද දමා ඇති පසුබිමක, එක්සත් ජාතික පක්ෂය සිය සංවිධාන ශක්තිය නූතන තාක්ෂණය සමඟ බද්ධ කරමින් ජනතාවට සමීප වීමේ නව මාදිලියක් හඳුන්වා දෙයි. දිවයින පුරා සියලුම මැතිවරණ කොට්ඨාස ආවරණය වන පරිදි ‘ඩිජිටල් පාලක සම්බන්ධීකාරකවරුන්’ (Digital Ward Coordinators) දහසක් පත් කිරීම මෙහි ප්‍රමුඛතම පියවරයි. ආණ්ඩුව සමාජ මාධ්‍ය හරහා බොරු ප්‍රචාර පතුරුවමින් ජනතාව මුළා කිරීමට උත්සාහ කරන විට, එක්සත් ජාතික පක්ෂය නව ‘UNP App’ ජංගම යෙදුම හරහා ගම් මට්ටමේ ජනතාවගේ ගැටලු සහ තොරතුරු සෘජුවම පක්ෂ මූලස්ථානය සමඟ සම්බන්ධ කිරීමට කටයුතු කරයි. මෙය මාලිමා ආණ්ඩුවේ ‘සම්ප්‍රදායික හා පටු’ දේශපාලන වැඩපිළිවෙළට එල්ල කළ ප්‍රබල තාක්ෂණික අභියෝගයකි.

මෙම ඩිජිටල් පරිවර්තනයේ සුවිශේෂී සන්ධිස්ථානයක් වන්නේ සිරිකොත මන්දිරය තුළ ‘ස්ටාර්ලින්ක්’ (Starlink) අධිවේගී චන්ද්‍රිකා අන්තර්ජාල පහසුකම නිල වශයෙන් ක්‍රියාත්මක කිරීමයි. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයාව සිටියදී එලොන් මස්ක් සමඟ සාකච්ඡා කර මෙරටට ගෙන ඒමට මඟ පෑදූ මෙම තාක්ෂණය, අද වන විට පක්ෂයේ දේශපාලන මෙහෙයුම් සඳහා යොදා ගැනීම හරහා ඔප්පු වන්නේ එජාපය සැමවිටම රටට ගෙන එන්නේ ලෝකයේ නවීනතම විසඳුම් බවයි. ආණ්ඩුවේ අකාර්යක්ෂම අන්තර්ජාල ප්‍රතිපත්ති සහ තාක්ෂණික පසුගාමීත්වය හමුවේ සිරිකොත අද වන විට මෙරට ‘ඩිජිටල් දේශපාලන මධ්‍යස්ථානය’ බවට පත්වෙමින් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles