back to top
Friday, January 9, 2026
spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

spot_imgspot_imgspot_imgspot_img

Related News

සජබේ ප්‍රසාද් සිරිවර්ධන CID එකට කැඳවලා!

මාලිමා රජය බලයට පත්වී කෙටි කලකින්ම රට තුළ නිර්මාණය වී ඇති අරාජිකත්වය සහ ජනතා විරෝධය හමුවේ දැඩි ලෙස කලබලයට පත්ව සිටින අනුර කුමාර දිසානායක මහතාගේ ආණ්ඩුව, දැන් විපක්ෂයේ නැගී එන තරුණ හඬවල් මර්දනය කිරීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබේ. 

ඒ අනුව, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත කැඳවීමට රජය ගෙන ඇති තීරණය, පිරිසිදු දේශපාලන පළිගැනීමක් සහ “ප්‍රසාද් දඩයමක්” බවට විපක්ෂය චෝදනා කරයි. 

මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතාට එරෙහිව දියත් කර ඇති මෙම මර්දනකාරී පිළිවෙත පිළිබඳව පාර්ලිමේන්තුවේදී හඬ අවදි කළ කාවින්ද ජයවර්ධන මහතා, සභාව “දෙවනත් කරමින්” ආණ්ඩුවේ ක්‍රියාව දැඩි ලෙස හෙළා දුටුවේය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මුවාවෙන් 6 ශ්‍රේණියේ දරුවන්ට අසභ්‍ය වෙබ් අඩවි සබැඳි සහිත පොත් ලබා දීම වැනි බරපතල අසාර්ථකත්වයන් වසා ගැනීමට ආණ්ඩුව මෙලෙස CID එක අවභාවිත කරන බව කාවින්ද මහතා පෙන්වා දුන්නේය. ප්‍රජාතන්ත්‍රවාදීව ප්‍රශ්න කරන තරුණ නායකයින් පොලිසියට සහ CID එකට කැඳවා බිය ගැන්විය නොහැකි බවත්, ප්‍රසාද් සිරිවර්ධන වැනි නායකයින් වෙනුවෙන් සමස්ත විපක්ෂයම පවුරක් සේ පෙළගැසී සිටින බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙම සිදුවීම හරහා තහවුරු වන්නේ මාලිමා රජය සතුව රට ගොඩනැගීමට කිසිදු වැඩපිළිවෙළක් නොමැති බවයි. ආර්ථිකය හැසිරවීමට නොහැකි වූ තැන ඔවුන් කරන්නේ විරුද්ධ මත දරන්නන් දඩයම් කිරීමයි. රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව දියත් කර ඇති දේශපාලන දඩයම සහ ප්‍රසාද් සිරිවර්ධන මහතා CID එකට කැඳවීම එකම කුමන්ත්‍රණයක කොටස් බව දේශපාලන විචාරකයෝ පවසති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles