back to top
Wednesday, January 7, 2026
spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

spot_imgspot_imgspot_imgspot_img

Related News

මුළු ඌවට ම පොත් දෙන වැඩකට හරීන් අත ගහයි! 

අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ පවතින ගැටලු සහ ආර්ථික පීඩනය හමුවේ අසරණ වී සිටින දෙමාපියන්ට සහ දරුවන්ට මහත් සහනයක් වෙමින්, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය ලේකම් හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ඌව පළාත කේන්ද්‍ර කරගනිමින් දැවැන්ත අධ්‍යාපනික සත්කාරයක් ක්‍රියාත්මක වෙමින් තිබේ. මේ යටතේ පළමු අදියරේ “පොත් ලක්ෂ පහක්” බෙදාදීමේ මහා ව්‍යාපෘතිය යටතේ හපුතලේ, කොස්ලන්ද ප්‍රදේශයේ පාසල් දරුවන් වෙනුවෙන් අභ්‍යාස පොත් සහ පාසල් උපකරණ ලබාදීම ඊයේ ඉතා උත්කර්ෂවත් අන්දමින් සිදුකෙරිණි.

දරුවන්ගේ අතට අසභ්‍ය වෙබ් අඩවි සබැඳි සහිත පොත් පත් යන යුගයක, හරින් ප්‍රනාන්දු මහතා වැනි නායකයින් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් සැබෑ අකුරු දායාදයන් පිරිනැමීම කාලෝචිත පියවරක් බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

එක්සත් ජාතික පක්ෂය සෑම විටම අධ්‍යාපනය සහ මානව සම්පත සංවර්ධනය කිරීමට ලබාදෙන ප්‍රමුඛතාවය මෙම වැඩසටහන තුළින් නැවත වරක් තහවුරු වී තිබේ. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ, රටේ ආර්ථිකය ශක්තිමත් කරන අතරතුර දරුවන්ගේ අභිවෘද්ධිය උදෙසා ක්‍රියාත්මක වන මෙම සමාජ සත්කාරක ව්‍යාපෘති හරහා රට පුරා දරුවන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයකට දැනටමත් ප්‍රතිලාභ සැලසී ඇත. මාලිමා රජය විවිධ පනත් සහ බදු බර හරහා ජනතාව පීඩාවට පත් කරද්දී, හරින් ප්‍රනාන්දු මහතා ඇතුළු කණ්ඩායම ජනතාවගේ හදගැස්ම හඳුනා ගනිමින් මෙවැනි සහන සලසනු ලබයි.

මෙම සත්කාරය හුදු පොත් බෙදාදීමකට පමණක් සීමා නොවී, හපුතලේ වැනි දුෂ්කර ප්‍රදේශවල ජීවත්වන වතුකරයේ සහ ගම්මානවල දරුවන්ට අධ්‍යාපනය සඳහා නව බලාපොරොත්තුවක් එක් කිරීමට සමත් වී තිබේ. රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ ඩිජිටල්කරණය පිළිබඳව මෙයට පෙර අමාත්‍යවරයකු ලෙස හරින් ප්‍රනාන්දු මහතා සිදුකළ සේවයද මෙහිදී ජනතාව කෘතවේදීව සිහිපත් කළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles