ලෝකයම පිළිකුල් කරන, මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදය (Narco-Terrorism) සම්බන්ධයෙන් ඇමෙරිකානු අධිකරණය හමුවේ අධිචෝදනා ලැබූ වෙනිසියුලාවේ නිකොලස් මධුරෝගේ පාලන තන්ත්‍රය සහ ශ්‍රී ලංකාවේ වත්මන් මාලිමා රජය අතර පවතින අතිශය භයානක සහ රහසිගත සබඳතා පිළිබඳව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා වෙත බරපතල පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ. “ශ්‍රී ලංකාවේ සැලකිලිමත් පුරවැසියන් සහ ගෝලීය ශ්‍රී ලාංකික ඩයස්පෝරාව” විසින් යොමු කරන ලද මෙම රහසිගත වාර්තාව මගින් හෙළිදරව් කර ඇත්තේ, මාලිමාවේ තීරක බලය වන ජනතා විමුක්ති පෙරමුණ (JVP) සහ වෙනිසියුලානු “මාෆියා රාජ්‍යය” අතර පවතින “සහෝදර බැඳීම” ඉන්දියානු සාගරයේ ආරක්ෂාවට මෙන්ම ඇමෙරිකානු අවශ්‍යතාවලට දැඩි තර්ජනයක් වී ඇති බවයි.
මධුරෝගේ සල්ලිවලින් අනුර ජනාධිපති වුණාද?
මෙම වාර්තාවේ අඩංගු අතිශය බරපතලම කරුණ වන්නේ, 2024 ජනාධිපතිවරණ සමයේදී මාලිමාවේ මැතිවරණ ව්‍යාපාරය සඳහා වෙනිසියුලානු කොමියුනිස්ට් පක්ෂය (PCV) විසින් අතිවිශාල ලෙස අරමුදල් සපයා ඇති බවට ලැබී ඇති තොරතුරුයි. මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයන මුදල් මෙරට දේශපාලනය හැඩගැස්වීමට යොදාගෙන ඇති බවට නැගෙන මෙම චෝදනාව මාලිමාවේ “පිරිසිදු දේශපාලනය” නමැති වෙස්මුහුණ සහමුලින්ම ගලවා දමන්නකි. මීට අමතරව, JVP UK ලේකම් දර්ශන හෙට්ටිආරච්චි සහ හිටපු ලේකම් උපතිස්ස ගමනායකගේ දියණිය වන වෛද්‍ය ජනිතා ගමනායක ඇතුළු පිරිසක් කැරකස් නුවරට ගොස් මධුරෝගේ සමීපතමයින් සමඟ පවත්වා ඇති රහසිගත සාකච්ඡා පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙසද මෙම පෙත්සම මගින් ට්‍රම්ප් රජයෙන් ඉල්ලා ඇත.

වෙනිසියුලාවේ “දූවිල්ල” ලංකාවේ වැදෙයි? – ආණ්ඩුවේ “බබා” පාර්ට් එක
ඇමෙරිකානු විශේෂ බලකාය විසින් නිකොලස් මධුරෝ අත්අඩංගුවට ගෙන නිව්යෝර්ක් වෙත රැගෙන යාමෙන් පසු, මාලිමා රජයේ විදේශ අමාත්‍යාංශය අද (05) නිකුත් කළ නිවේදනය හාස්‍යයට කරුණකි. මධුරෝගේ ගැලවුම්කරුවන් ලෙස පෙනී සිටින මාලිමා රජය, “රාජ්‍යයන්ගේ ස්වෛරීභාවය” ගැන කතා කරමින් මධුරෝගේ අපරාධ වසා ගැනීමට උත්සාහ කරමින් සිටී.
ලංකාවත් “නාර්කෝ-රාජ්‍යයක්” වීමේ අවදානමක්!
ඉන්දියානු සාගරයේ තීරණාත්මකම මුහුදු මාර්ගවල පිහිටි ශ්‍රී ලංකාව, මධුරෝගේ නාර්කෝ-ත්‍රස්තවාදී ජාලයේ තර්ජනයට ලක්වීම ගෝලීය සමුද්‍රීය ආරක්ෂාවට බියකරු දර්ශනයකි. එක්සත් ජනපද සම්බාධක උල්ලංඝනය කරමින් කොළඹ සහ කැරකස් අතර සිදුවන මූල්‍ය හුවමාරු නිරීක්ෂණය කරන ලෙසත්, මෙම මත්ද්‍රව්‍ය සබඳතා මත ශ්‍රී ලංකාවට ලබා දෙන ආරක්ෂක සහ ආර්ථික හවුල්කාරිත්වයන් අත්හිටුවන ලෙසත් පෙත්සම්කරුවන් ට්‍රම්ප් රජයට අවධාරණය කර ඇත.


