ජාතික ජන බලවේගයේ (මාලිමාවේ) කොළඹ මහා නගර සභා පාලනය අද (22) දරුණු පරාජයකට මුහුණ දුන්නේය. 2026 වසර සඳහා ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවලිය වැඩි ඡන්ද 03කින් පරාජයට පත්වීමත් සමඟ කොළඹ නගරයේ පාලන බලය සම්බන්ධයෙන් බරපතළ අර්බුදයක් නිර්මාණය වී තිබේ.
අද දින පැවැති තීරණාත්මක ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ඡන්ද 57ක් පමණක් ලැබුණු අතර, විපක්ෂව ඡන්ද 60ක් හිමි විය. මාලිමා පාලනයේ අත්තනෝමතික ක්‍රියාකලාපය හමුවේ විපක්ෂය ඒකාබද්ධව මෙම අයවැය පරාජය කිරීමට කටයුතු කිරීම විශේෂත්වයකි. මෙම පරාජය සැලවීමත් සමඟ කොළඹ නගරයේ බොහෝ ස්ථානවල ජනතාව රතිඤ්ඤා පත්තු කරමින් සිය සතුට ප්‍රකාශ කළ බව වාර්තා වේ.
රට පුරා මාලිමා අයවැය පරාජය වන රැල්ලක්!
කොළඹ පමණක් නොව, පසුගිය දින කිහිපය පුරාම දිවයිනේ ප්‍රධාන පළාත් පාලන ආයතන රැසක මාලිමා පාලනයන් පරාජයට පත්වන ආකාරය දැකගත හැකි විය.
“සිස්ටම් චේන්ජ්” එකක් ගැන කියමින් බලයට පැමිණි මාලිමාවට, දැන් තමන්ගේම පාලනය යටතේ පවතින නගර සභාවල අයවැයවත් සම්මත කර ගැනීමට නොහැකි වීම හරහා ඔවුන්ගේ පරිපාලනමය දුර්වලතාවය සහ ජනතා අප්‍රසාදය මැනවින් තහවුරු වී ඇත. මෙම තත්ත්වය හමුවේ කොළඹ මහා නගර සභාව ඇතුළු ආයතන රැසක පාලන කටයුතු ඉදිරියේදී දැඩි අස්ථාවරත්වයකට පත්වනු ඇතැයි අනුමාන කෙරේ.


