back to top
Monday, February 23, 2026
spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

spot_imgspot_imgspot_imgspot_img

Related News

මිලින්ද මොරගොඩ මහතා මල්වතු අස්ගිරිය මහ නාහිමිවරු මුණ ගැසෙති!

පාත්ෆයින්ඩර් පදනම නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතා සියම් නිකායේ මල්වතු හා අස්ගිරිය පාර්ශවවල මහ නාහිමිපාණන් වහන්සේලා මුණ ගැසී ආශීර්වාද ලබාගත්තේය.

ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක හිමිපාණන් සහ ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරිය පාර්ශවයේ මහා නායක ආචාර්ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන හිමිපාණන් මුණ ගැසුණු මොරගොඩ මහතා අනතරුව මල්වතු පාර්ශවයේ අනුනායක අතිපුජ්‍ය, සාහිත්‍ය චක්‍රවර් තී, ආචාර්ය නියංගොඩ විජිතසිරි, අස්ගිරි පාර් ශවයේ අනුනායක අතිපුජ්‍ය, වෙඬරුවේ උපාලි, අනුනායක ආචාර් ය ගොඩගම මංගල හිමිපාණන් වහන්සේලා සහ එම පාර්ශවලවල ලේඛකාධිකාරි හිමිපාණන් ද මුණ ගැසී අදහස් හුවමාරු කරගෙන තිබේ.

කීර් ති ශ්‍රී රාජසිංහ මහ රජතුමන් විසින් වැලිවිට ශ්‍රී සරණංකර හිමිපාණන් වෙත සංඝරාජ පදවිය පිරිනමන අවස්ථාව දැක්වෙන කැලණිය රජ මහා විහාර බිතු සිතුවමක් ද මිලින්ද මොරගොඩ මහතා මෙහි දී මහ නායක හිමිපාණන් වහන්සේලා වෙත තිළිණ කරන ලදී. සෝලියස් මෙන්දිස් මහතා විසින් අඳින ලද මෙම චිත්‍රය ඉතිහාසයේ සිට මෙරට පාලකයන් සහ මහා සංඝරත්නය අතර පවත්වාගෙන පැමිණි ශාසනික සම්බන්ධතා සංකේතවත් කරන්නක් සේ සැලකේ.

ඉන්දීය විදේශ අමාත්‍යංශයේ ඇරයුමකට අනුව පසුගිය දා නවදිල්ලියේ කෙටි සංචාරයක නිරත වූ බව මහ නාහිමිවරුන් හමුවේ ප්‍රකාශ කළ මිලින්ද මොරගොඩ මහතා අතර එහි දී ඉන්දියා-ජපාන සමුව හතරවැනි සැසිවාරයට සහභාගී වූ බවත් සුළි කුණාටු විපත්වලට පසු ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ හා පුණර්ජීවනයක් ඇති කිරීමේ ක්‍රියාවලිය සඳහා ඉන්දියාවට නායකත්වය ගත හැකි බව එම සමුළුවේ දී තම අදහස වශයෙන් ඉදිරිපත් කළ බවත් මහ නායක හිමිපාණන් වහන්සේලාට වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත. මෙම සංචාරයේ දී ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජෙයශංකර්, මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාම්, ආරක්ෂක උපදේශක අජිත් දොවාල්, විදේශ ලේකම් වික්‍රම් මිශ්රි ඇතුළු ඉන්දීය ඉහළ පෙලේ ප්‍රතිපත්ති සම්පාදකයෝ මුණ ගැසිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles