ජාතික ජන බලවේගය (NPP) පාලනය කළ ප්‍රාදේශීය සභා දෙකක අයවැය ඊයේ (13) දින පරාජයට පත් වීමත් සමඟ, රටේ බිම් මට්ටමේ දේශපාලන බලය NPP වෙතින් සහ ආණ්ඩුවට සහයෝගය දක්වන බලවේග වෙතින් ගිලිහී යාමේ තෙවන රැල්ල ආරම්භ වී ඇති බවට දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. මීට පෙර සොරණාතොට සහ කොලොන්න යන NPP පාලන ප්‍රාදේශීය සභාවල අයවැය පරාජය වී තිබුණි.
ඊයේ (13) දින NPP යටතේ බලය හිමිව තිබූ දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ අයවැය එක් වැඩි ඡන්දයකින් පරාජයට පත්විය. මෙහිදී NPP මන්ත්‍රීවරුන් 12 දෙනා අයවැයට පක්ෂව ඡන්දය පාවිච්චි කළ නමුත්, සමගි ජන බලවේගය (SJB) ප්‍රමුඛ විපක්ෂය නියෝජනය කළ මන්ත්‍රීවරුන් 13 දෙනා අයවැයට විරුද්ධව ඡන්දය ලබා දුන්හ.
NPP පාලනය කළ සභා බිඳ වැටීම!
මෙම පරාජයන් සමගාමීව, ජාතික ජන බලවේගය පාලන බලය දරන නාඋල ප්‍රාදේශීය සභාවේ අයවැය ද ඊයේ (13) දින එක ඡන්දයකින් පරාජයට පත් විය.
NPP පාලනය යටතේ පැවති සොරණාතොට ප්‍රාදේශීය සභාව , කොලොන්න ප්‍රාදේශීය සභාව ඇතුලු ප්‍රාදේශීය සභා ගණනාවක් මේ වන විට පරාජයට පත් වී තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන දේශපාලන විචාරකයෝ පෙන්වා දෙන්නේ, සමුපකාර ඡන්දවලදී ආණ්ඩුවට සහ NPP යට එල්ල වූ පරාජයන්වලින් පසු, මෙම ප්‍රාදේශීය සභා අයවැය පරාජයන් එම බල බිඳ වැටීමේ දෙවන හා තෙවන රැල්ල ලෙස පැහැදිලි සංඥාවක් ලබා දෙන බවයි.මෙම අසාර්ථකත්වයන් මගින් ජාතික ජන බලවේගයේ පාලන හැකියාවන් සහ ප්‍රතිපත්ති පිළිබඳව බිම් මට්ටමේ සිටම ප්‍රබල ප්‍රශ්න මතුව ඇති බවත්, එය රටේ ඉදිරි දේශපාලන ගමන් මගට බරපතළ බලපෑමක් එල්ල කරනු ඇති බවත් පැහැදිලිව පෙනේ.


