back to top
Saturday, March 14, 2026
spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

spot_imgspot_imgspot_imgspot_img

Related News

නාමල්ගෙන් මරු වැඩක්: පොහොට්ටුවේ කැබ් සෞඛ්‍ය අමාත්‍යංශයට තෑගි දෙයි!

ආණ්ඩුවේ ජනතාව මුලා කරන වැඩපිළිවෙළ රටට හෙළිදරව් කිරීම සඳහා විපක්ෂයේ සියලු පක්ෂ එකට එක් වන බවත්, ඊට සමගාමීව තම මන්ත්‍රීවරුන්ට හිමිවන රාජ්‍ය සම්පත් ප්‍රතික්ෂේප කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මන්ත්‍රීවරයා සඳහන් කළේ, තම පක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනාට හිමිවන කැබ් රථ අවශ්‍ය නොමැති බවත්, එම වාහන සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබා දෙන බවත්ය. රට ආර්ථික අර්බුදයක සිටියදී මන්ත්‍රී වරප්‍රසාද සඳහා ජනතා මුදල් වැය කිරීම ප්‍රතික්ෂේප කරමින් ඔහු මෙම තීරණය ගෙන ඇත.

සමගි විපක්ෂයක්!

නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේ, ආණ්ඩුව ගෙන යන ජනතාව රවටන වැඩපිළිවෙළ රටට හෙළි කිරීමට මෙවර විපක්ෂයේ සියලු දෙනා එකට එකතු වන බවයි.

ඔහු ආණ්ඩුව විවේචනයට ලක් කරමින් කියා සිටියේ, “ජනාධිපතිවරයා පැය හතරහමාරක් අයවැය කතා කර ලබන වසරෙත් එම පැය හතරහමාරම කතා කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව”යි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles