back to top
Thursday, November 6, 2025
spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

spot_imgspot_imgspot_imgspot_img

Related News

සමුපකාර පරාජය අස්සේ, පළාත් පාලනයේ අයවැය පරාජය ඇරඹේ!

ජාතික ජන බලවේගයේ (NPP) පාලනය යටතේ පවතින කොලොන්න ප්‍රාදේශීය සභාවේ 2024 වර්ෂය සඳහා වන මංගල අයවැය පළමුවර කියවීම අද (06) පරාජයට පත්ව තිබේ. ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීමේදී NPP සාර්ථක වූ නමුත්, විපක්ෂයේ සියලු කණ්ඩායම් එක්වී අයවැය පරාජය කිරීම සඳහා කටයුතු කර ඇත.

අද පෙරවරු 10ට පමණ කොලොන්න ප්‍රාදේශීය සභාවේ මාසික සභා වාරය එහි සභාපති සම්පත් ගුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අතර, අයවැය පළමු වර කියවීම සඳහා ඡන්ද විමසීම පැවැත්විණි.

කොලොන්න ප්‍රාදේශීය සභාවේ සමස්ත ආසන 19 න් ජාතික ජන බලවේගය ආසන 9ක් ද, විපක්ෂයේ සමගි ජන බලවේගය (5), ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (3), එක්සත් ජාතික පක්ෂය (1) සහ සර්වජන බලය පක්ෂය (1) ඇතුළු කණ්ඩායම් සියල්ල එක්ව ආසන 10ක් ද දිනාගෙන තිබුණි. එනම් ආසන සංඛ්‍යාව අනුව විපක්ෂයට සභාවේ පැහැදිලි බලයක් හිමි විය. කෙසේ වෙතත්, සභාපති තේරීම සඳහා පැවති රහස් ඡන්ද විමසීමේදී ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරමින් කොලොන්න ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීමට සමත් විය.

කෙසේ වෙතත්, අද පැවති මංගල අයවැය පළමුවර කියවීමේ ඡන්ද විමසීමේදී විපක්ෂයේ කණ්ඩායම් තම ආසන බහුතරය ප්‍රයෝජනයට ගනිමින් අයවැය පරාජය කිරීමට කටයුතු කර තිබේ.

මෙම සිදුවීමත් සමඟ, ජාතික ජන බලවේගයේ බිම්මට්ටමේ බලය බිඳ වැටෙන දෙවන රැල්ල ආරම්භ වී ඇති බවට විචාරකයෝ මත පළ කරති. පළමු රැල්ල මේ වන විටත් සමුපකාර ඡන්ද පරාජයන් හරහා ක්‍රියාත්මක වෙමින් පවතින බව ඔවුන් පෙන්වා දෙති. කොලොන්න ප්‍රාදේශීය සභාවේ මෙම අයවැය පරාජය, එළඹෙන වසර සඳහා NPP හි දේශපාලන බලය සහ පාලන හැකියාවන් සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්න මතු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles