back to top
Thursday, November 6, 2025
spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

spot_imgspot_imgspot_imgspot_img

Related News

එජාපය වෙනුවෙන් පොදු සටනට හරීන් නුගේගොඩට!

ආණ්ඩුවට එරෙහිව පොදු විපක්ෂය විසින් සංවිධානය කරනු ලබන “මහා ජන හඬ” ජන රැළිය සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් දේශපාලන බලමුළු ගැන්වීමේ නියෝජ්‍ය මහලේකම් සහ හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සහභාගී වීමට තීරණය කර තිබේ.

මෙම විපක්ෂයේ හඬ එක්කිරීමේ පළමු පියවර ලෙස සැලකෙන ජන රැළිය ලබන 21 වැනිදා නුගේගොඩදී පැවැත්වීමට නියමිතය.

පොදු විපක්ෂයේ පක්ෂ නායකයන් ප්‍රකාශ කරන්නේ, මෙම රැළියෙන් අනතුරුව අඛණ්ඩව විපක්ෂයේ පක්ෂ ඒකාබද්ධ වෙමින් ශක්තිමත් වැඩපිළිවෙළක් ලෙස ඉදිරියට යාමට අපේක්ෂා කරන බවයි. වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්ති සහ ක්‍රියාකලාපයන්ට එරෙහිව පුළුල් විපක්ෂ බලවේගයක් ගොඩනැගීමේ ප්‍රයත්නයක ආරම්භයක් ලෙස මෙම “මහා ජන හඬ” ජනරැළිය සනිටුහන් වනු ඇත.

විපක්ෂ කණ්ඩායම් අතර ඒකාබද්ධ හවුලක් ගොඩනැගෙමින් පවතින බවට පැහැදිලි සංඥාවක් නිකුත් කරමින්, ප්‍රබල දේශපාලන චරිතයක් වන හරීන් ප්‍රනාන්දු මහතා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මෙම රැළියට එක්වීම විශේෂත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles