මෙරට විශාලතම විවිධ සේවා සමුපකාර සමිතියක් ලෙස සැලකෙන දෙනියාය කොටපොල විවිධ සේවා සමුපකාරයේ නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සඳහා පැවැති නිලවරණයෙන්, විපක්ෂ කණ්ඩායම් විශිෂ්ට ජයක් ලබා ගනිමින් බලය තහවුරු කර ගෙන තිබේ.
මෙම නිලවරණයේ ප්‍රතිඵල අනුව, සමස්ත ප්‍රාදේශික 67ක ජයග්‍රහණ විපක්ෂ කණ්ඩායම් විසින් සහය දුන් කණ්ඩායමට හිමි වී ඇත. ඊට සාපේක්ෂව, ජාතික ජන බලවේග කණ්ඩායම සහය දුන් කණ්ඩායමට ජයගත හැකි වූයේ ප්‍රාදේශික 33කින් පමණි.
මෙම ප්‍රතිඵලය සමුපකාර ක්ෂේත්‍රයේ ප්‍රබල වෙනසක් ලෙස සනිටුහන් වන අතර, දකුණු පළාතේ ප්‍රධාන ආර්ථික කේන්ද්‍රස්ථානයක් වන දෙනියාය කොටපොල සමුපකාරයේ නව පරිපාලනය විපක්ෂයේ නියෝජනයක් යටතට පත්වනු ඇත.


