back to top
Saturday, November 1, 2025
spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

spot_imgspot_imgspot_imgspot_img

Related News

උතුරෙත් විසිල් විතරයි: ඉන්දියාවෙන් නිකන් දුන්න KKS වරාය සංවර්ධනයේ මුල්ගල පැලවෙලා!

කංකසන්තුරෙයි (KKS) වරාය සංවර්ධන ව්‍යාපෘතිය ඉන්දීය ආධාර යටතේ සිදු කිරීමට නියමිතව තිබුණද, ඊට අදාළ ප්‍රදානය සම්බන්ධ සාකච්ඡා වසරකට වැඩි කාලයක් තිස්සේ ඇණහිට ඇති බවට තොරතුරු අනාවරණය වේ.

විපක්ෂ මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලන නායකයන් පිරිසක් කළ සංචාරයකදී මේ තොරතුරු හෙළි වූ අතර, ඉන්දියානු ප්‍රදානයේ ඇතුළත් කර ඇති ඇතැම් කොන්දේසි පිළිබඳව ඇති ගැටලු මෙම ප්‍රමාදයට හේතුවී ඇති බව සඳහන් වේ.

කෙසේ වෙතත්, කොන්දේසි පිළිබඳව එකඟ විය නොහැකි නම්, ප්‍රදානය ප්‍රතික්ෂේප කළ යුතු බවට අදහස් පලවූ අතර ම වරායේ මෙහෙයුම් කාර්යක්ෂමතාවයද මේ වන විට පහළ මට්ටමක පවතින බව හෙළිදරව් වූ අතර, භාණ්ඩ නැව් (cargo ships) සහ පාරු සේවා (ferries) සඳහා අදාළ ගෙවීම් කිරීම ඇතුළු සියලුම කටයුතු කොළඹින් සිදු කිරීමට සිදුවීම කණගාටුදායක තත්ත්වයකි.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා වැඩිදුරටත් අවධාරණය කළේ, මෙවැනි පරිපාලනමය හා තාක්ෂණික ගැටලු හේතුවෙන්, දේශීය ද්‍රවිඩ ජනතාවට තමන්ගේ සේවාවක් ලබා ගැනීමට කොළඹට පැමිණීමට සිදුවීම විශාල අපහසුතාවයක් බවයි. මෙම ගැටලු අවසානයේදී ‘අපිට සලකන්නේ නැහැ’ යනුවෙන් ජනතාව අතර දේශපාලන ගැටලුවක් බවටත්, කලාපීය අර්බුදයක් බවටත් පරිවර්තනය වීමේ අවදානමක් පවතින බවට ඔහු අනතුරු ඇඟවීය. මේ තත්ත්වය වරාය අධිකාරියේ කාර්යසාධනයට බලපාන බවත්, පවතින සේවාවන්ගෙන් ලැබෙන ආදායම වුවද දැනට සිටින කාර්ය මණ්ඩලය නඩත්තු කිරීමට ප්‍රමාණවත් නොවන බවත් හෙළි විය.

මෙහි බරපතලකම සලකා, මෙම ගැටලුව පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කිරීම සඳහා ඒකාබද්ධ යෝජනාවක් ඉදිරිපත් කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා ඉදිරිපත් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles