හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ විමර්ශනය කඩිනමින් අවසන් කර, ඊට සම්බන්ධ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) ඊයේ (29) දැඩි නියෝගයක් නිකුත් කළේය.
මහෙස්ත්‍රාත්වරයා විශේෂයෙන් අවධානය යොමු කළේ, මීට පෙර දිනයේ අධිකරණය ආශ්‍රිතව සිදුවූ සිදුවීම් සම්බන්ධයෙනි. අධිකරණයට අපහාසයක් සිදු වී ඇත්දැයි විමර්ශනය කර, ඊට වගකිව යුතු පුද්ගලයින් කවුරුන්ද සහ ඔවුන් සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග මොනවාද යන්න පිළිබඳව මීළඟ නඩු දිනයේදී අධිකරණයට දැනුම් දෙන ලෙසද මහෙස්ත්‍රාත්වරයා CID වෙත නියම කළේය.
මෙම වැදගත් නඩු විමර්ශනය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා නඩුව නැවත කැඳවීමට නියමිතව ඇත්තේ ලබන වසරේ ජනවාරි මස 28 වැනි දිනටයි.


