Monday, October 13, 2025
spot_imgspot_imgspot_img

Top 5 This Week

spot_img

Related News

පොලිස් ස්ථානාධිපතිට තර්ජනය කරලා: වෝටර්ස් එජ් හෝටලයේ සභාපති චතුර ක්‍රිෂාන්ත පෙරේරාට එරෙහිව විමර්ශන!

නාගරික සංවර්ධන අධිකාරියට (UDA) අයත් බත්තරමුල්ලේ පිහිටි සුප්‍රකට හෝටලයක් වන වෝටර්ස් එජ් (Waters Edge) හෝටලයේ සභාපතිවරයාට එරෙහිව පොලිස් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.

මෙම විමර්ශනය ආරම්භ කර ඇත්තේ වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයාට දුරකතනයෙන් බැන තර්ජනය කිරීමේ සිද්ධියකට අදාළවය. දැනට සිදු කළ පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අදාළ සභාපතිවරයා වන චතුර ක්‍රිෂාන්ත පෙරේරා මහතා එම හෝටලයේ ආරක්ෂක ප්‍රධානියාගේ දුරකතනය භාවිත කරමින් මෙම තර්ජනය සිදු කර ඇති බවයි.

සුදුසුකම් නොමැති පිරිසක් ආරක්ෂාවට

රජයට අයත් ආයතනවල ආරක්ෂක නිලධාරීන් අනියුක්ත කිරීමේදී ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් සහ පුහුණුවීම් පිළිබඳ සොයා බලන නමුත්, වෝටර්ස් එජ් හෝටලයේ ආරක්ෂාවට යොදවා ඇති පිරිසෙන් කොටසක් සභාපතිවරයාගේ පෞද්ගලික පිරිසක් බවට තොරතුරු වාර්තා වේ. පසුගිය කාලයේ සිදුවූ සිදුවීම් කිහිපයක් හේතුවෙන් මෙම පිරිසට ආරක්ෂක නිලධාරීන් ලෙස සේවය කිරීමට අවශ්‍ය සුදුසුකම් පවතින්නේදැයි සැකයක් මතුව ඇත.

සභාපතිවරයාගේ මෙම පිරිස පසුගිය දිනක හෝටලයට පැමිණි තරුණයෙකුටද පහර දී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

රුපියල් මිලියන 50ක ලාභය සහ වැටුප් නොගැනීම

වෝටර්ස් එජ් හෝටලය පසුගිය මාස කිහිපයක් තුළ රුපියල් මිලියන 50ක ලාභයක් උපයා ඇති බව සභාපති චතුර ක්‍රිෂාන්ත පෙරේරා මහතා මෑතකදී මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබුණි. එමෙන්ම, තමන් එම හෝටලයෙන් වැටුපක් ලබා නොගන්නා බවද ඔහු ප්‍රකාශ කර ඇත. පිරිමි සහ කාන්තා සේදුම් කාරක නිෂ්පාදනාගාරයක්ද ඔහු පවත්වාගෙන යනු ලබයි.

කෙසේ වෙතත්, එවන් පසුබිමක් තුළ අර්ධ රාජ්‍ය ආයතනයක් වන මෙම හෝටලයේ සභාපති ධුරයේ රාජකාරී නිසි ලෙස ඉටු කිරීම පිළිබඳව සේවකයන් තුළ ඇත්තේ දැඩි අවිශ්වාසයකි.

සභාපති පුත්‍රයාගේ ක්‍රියාකාරකම් සහ දේශපාලන සම්බන්ධතා

අදාළ හෝටලයේ සංගීත කණ්ඩායම නියෝජනය කරන සභාපතිවරයාගේ පුත්‍රයා විවිධ උත්සව සහ වැඩසටහන් සංවිධාන කිරීම තුළින් සභාපතිවරයාගේ ලබැඳියාවන් අතර ගැටුමක් පවතින බවටද වාර්තා වේ.

මීට අමතරව, චතුර ක්‍රිෂාන්ත පෙරේරා මහතා නිරන්තරයෙන්ම හෝටල් සේවකයන් හමුවේ පවසන්නේ තමන් ජනාධිපතිවරයාගේ සමීපතමයෙකු බවත්, වත්මන් ආණ්ඩුව සමඟ ඉතා සමීපව කටයුතු කරන බවත්ය.

වෙනත් පක්ෂයක සිට NPPයට

මේ සම්බන්ධයෙන් සිදු කළ සොයා බැලීමකදී අනාවරණය වී ඇත්තේ ඔහු වෙනත් පක්ෂයක සිට මෑතකදී ජාතික ජන බලවේගයට (NPP) එක්ව ඇති බවයි. ඔහු ජාතික ජන බලවේගයේ ව්‍යාපාරික හමු 04කට පමණක් සහභාගී වී ඇති බවද වාර්තා වේ.

පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් ඇතුළු රාජකාරීවලට කිසිදු දේශපාලඥයෙකු බලපෑම් නොකරන බවට ආණ්ඩුව දැඩි ස්ථාවරයක සිටින මොහොතක, අදාළ හෝටල් සභාපතිවරයා වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයාට තර්ජනය කිරීම පිළිබඳව රජයේද අවධානය යොමුව ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

Chathura Krishantha Perera with Namal rajapaksa

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles