Monday, October 13, 2025
spot_imgspot_imgspot_img

Top 5 This Week

spot_img

Related News

ඇමරිකාව පසකලා හරිනි, මෝදි සහ චීන ජනාධිපති හමුවීමට දෙරටේ සංචාරයක!

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ලබන ඔක්තෝබර් 17 සහ 18 යන දෙදින ඉන්දියාවේ නවදිල්ලියේ පැවැත්වෙන එන්.ඩී.ටී.වී. (NDTV) ලෝක සමුළුවට සහභාගි වීම සඳහා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිත අතර, මෙය ඇයගේ ධුර කාලය තුළ ඉන්දියාවේ සිදු කරන පළමු නිල සංචාරයයි.

මෙම සංචාරය ඉතා වැදගත් වී ඇත්තේ හරිනි මහත්මිය එහිදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා හමුවීමට නියමිතව ඇති නිසාය. වත්මන් අගමැතිවරුන් වන මෝදි මහතා සහ හරිනි මහත්මිය මෙම වසරේ පැවැත්වෙන සමුළුවේ ප්‍රධාන ආරාධිතයන් දෙදෙනා වීම විශේෂත්වයකි. මීට අමතරව බි්‍රතාන්‍යයේ හිටපු අගමැති රිෂී සුනාක් සහ ඔස්ටේ්‍රලියාවේ හිටපු අගමැති ටෝනි ඇබට් ද මෙවර එන්.ඩී.ටී.වී. සමුළුව ඇමතීමට නියමිතය. කලාපයේ ප්‍රබල ප්‍රතිපත්ති සම්පාදකයන්, දැවැන්ත ව්‍යාපාරිකයන්, විද්‍යාඥයන් සහ සංස්කෘතික විශේෂඥවරුන් සහභාගී වන මෙම සමුළුවේදී හරිනි මහත්මිය ‘Steering Change in Uncertain Times’ යන තේමාව යටතේ දේශනයක් පැවැත්වීමට නියමිතය.

චීන සංචාරය සහ භූ දේශපාලන පසුබිම

ඉන්දීය සංචාරයෙන් අනතුරුව අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය චීන සංචාරයක නිරත වීමට ද නියමිත අතර, එහිදී චීන ජනාධිපති ෂී ජින්පින් මහතා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට සූදානමින් සිටින බව වාර්තා වේ. මෙම චීන ජනාධිපතිවරයාගේ හමුව හදිසියේ සැලසුම් වීම ශ්‍රී ලංකාව තුළ ඇමෙරිකානු ක්‍රියාකාරකම් තීව්‍ර වී ඇති පසුබිමක සිදුවීම විශේෂිතය.

මේ අතර, ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිවරිය වන ජූලි චන්ග් මහත්මිය මේ වනවිට සිය නිල කාලයේ අවසන් අදියරට පැමිණ සිටින අතර, ලබන දෙසැම්බරයේ හෝ ජනවාරි මුල් සතිවල හෝ සිය නිල කටයුතු අවසන් කොට ලංකාවෙන් පිටව යෑමට නියමිතය. මෙම අවසන් අදියර තුළ ඇය වොෂිංටනය සමඟ නිතරම සම්බන්ධ වෙමින් ලංකාව පිළිබඳ කටයුතු වේගවත් කරන ආකාරයක් දැකගත හැකිය.

සිනොපෙක් ව්‍යාපෘතියට ඇමෙරිකානු බලපෑම්

විශේෂයෙන්ම, ඇමෙරිකානු තානාපතිනිය ශ්‍රී ලංකා රජය හම්බන්තොට වරාය තුළ චීන සිනොපෙක් සමාගම විසින් සිදු කිරීමට නියමිත ඩොලර් බිලියන 3.7ක තෙල් පිරිපහදුව ආරම්භ කිරීමේ කටයුතු අත්හිටුවීම සඳහා තිරය පිටුපස විශාල උත්සාහයක් දරමින් සිටින බව වාර්තා වේ. මෙය මෑත කාලයේ ලංකාවට ලැබුණු දැවැන්තම විදේශ ආයෝජනය ලෙස සැලකේ.

ආරම්භයේදී, ලංකාව විසින් ලබාදී තිබූ 20%ක ඉන්ධන කෝටාව ප්‍රමාණවත් නොවන බවත්, එය 40%ක් දක්වා ඉහළ නැංවිය යුතු බවත් සිනොපෙක් සමාගම විසින් දැනුම් දී තිබීම නිසා මෙම ආයෝජන කටයුතු ආරම්භ කිරීම ප්‍රමාද විය. නමුත් මේ වනවිට ආණ්ඩුව තීරණය කොට ඇත්තේ චීන සිනොපෙක් සමාගමේ ඉල්ලීම පරිදි ඔවුන්ගේ ඉන්ධන බෙදාහැරීමේ කෝටාව 40% දක්වා ඉහළ නැංවීමටය. ඒ අනුව සිනොපෙක් සමාගම නුදුරු දිනෙකදීම හම්බන්තොට තෙල් පිරිපහදුව ඉදිකිරීමේ වැඩකටයුතු ආරම්භ කිරීමට නියමිතය.

කෙසේ වෙතත්, මෙම චීන පිරිපහදුව ඉදිකිරීමේ කටයුතු නැවැත්වීම සඳහා ඇමෙරිකානු තානාපතිනිය දරන උත්සාහය පිටුපස ඇමරිකානු රජයේ ඉහළ බලවතෙක් සිටින බවත්, එය කාල්පීය වශයෙන් ඇමරිකානු බලය යලිත් ශ්‍රී ලංකාව තුළ ස්ථාපනය කර ගැනීමේ උත්සාහයක් බවත් වැඩිදුරටත් වාර්තා වේ. මෙවැනි භූ දේශපාලන ගැටුම්කාරී පසුබිමක් තුළ අගමැති හරිනි අමරසූරිය මහත්මියගේ ඉන්දීය සහ චීන සංචාරයන්හි ප්‍රතිඵල දෙස බොහෝ දෙනා අවධානයෙන් පසුවෙති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles