Monday, October 13, 2025
spot_imgspot_imgspot_img

Top 5 This Week

spot_img

Related News

ජවිපෙ-පෙසප නඩුවෙන් විනිසුරු ඉවතට: කාර්යාලයෙන් ඉවතට ජවිපෙ එළවන්න නියෝග දුන් විනිසුරු වීම විශේෂයි!

යක්කල ප්‍රදේශයේ පක්ෂ කාර්යාලයක් සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ (JVP) සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය (FSP) අතර පවතින නඩු කටයුත්ත ගම්පහ අධිකරණයේදී නව පෙරළියකට ලක්ව තිබේ.

අද (ඔක්තෝබර් 08) දින ගම්පහ අංක 02 මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් මෙම නඩුවේදී, ජනතා විමුක්ති පෙරමුණ පාර්ශවයෙන් කරුණු දැක්වීමට නියමිතව තිබුණ ද, ඔවුන් ඊට සූදානම් වීම සඳහා තවත් කාලයක් ඉල්ලා සිටීම නිසා නඩුව ඔක්තෝබර් 21 වන දිනට කල් තබන ලදී.

මහේස්ත්‍රාත්වරයා නඩුවෙන් ඉවත් වෙයි

කෙසේ වෙතත්, මෙම නීතිමය කටයුත්තේදී වඩාත් අවධානයට ලක් වූ සිදුවීම වූයේ, නඩුව විභාග කළ මහේස්ත්‍රාත්වරයා විසින් “පෞද්ගලික කරුණක් මත” මෙම නඩුව විභාග කිරීමෙන් ඉවත්වන බවට ප්‍රකාශ කිරීමයි.

ඒ අනුව, යක්කල පක්ෂ කාර්යාලය සම්බන්ධ ගැටුමට අදාළ නඩු කටයුත්ත මින් ඉදිරියට ගම්පහ අංක 01 මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනීමට තීන්දු වී ඇත.

මීට පෙර, යක්කල කාර්යාලයෙන් ජවිපෙ පාර්ශවය ඉවත් කරවා එය යක්කල පොලිසිය භාරයට ගන්නා ලෙස අතුරු නියෝගයක් ලබා දී තිබුණේ ද මෙම විනිසුරුවරයා විසින් වීම විශේෂත්වයකි.

පක්ෂ දෙක අතර පවතින මෙම දේපළ ආරවුල ඉදිරි දිනවලදී නව අධිකරණයක් යටතේ විභාගයට ගැනීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles