Monday, October 13, 2025
spot_imgspot_imgspot_img

Top 5 This Week

spot_img

Related News

FDI අපේක්ෂිත මට්ටමට වඩා තුන් ගුණයකින් අඩුයි: ආයෝජන ගැන බොරු පම්පොරි ගැසු ආණ්ඩුවේ හොම්බටම ලෝක බැංකුව දමා ගසයි!

ශ්‍රී ලංකාවේ ආර්ථික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය වන විදේශීය සෘජු ආයෝජන (FDI) ප්‍රවාහය අපේක්ෂිත මට්ටමට වඩා බෙහෙවින් පහළ අගයක පවතින බවට ලෝක බැංකුව දැඩි ලෙස අනතුරු අඟවයි.

ආර්ථික ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් කඩිනම් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ මාලාවක් ක්‍රියාවට නැංවීම අනිවාර්ය බව ලෝක බැංකුව අවධාරණය කරයි.

FDI හි දැවැන්ත පරතරය

ලෝක බැංකු නියෝජිතයන් පෙන්වා දෙන පරිදි, රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) සියයට 1.5ක මට්ටමක FDI තිබිය යුතු වුවත්, ශ්‍රී ලංකාව දැනට ළඟා කරගෙන ඇත්තේ සියයට 0.5ක් තරම් ඉතා සුළු අගයකි. රටේ සංවර්ධන අභිලාෂයන් වෙනුවෙන් මෙම අගය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව ඔවුන්ගේ මතයයි.

වියට්නාමය සහ මැලේසියාව වැනි සම කලාපීය රටවල් GDP යෙන් සියයට 3ක් වැනි ඉහළ FDI අගයන් වාර්තා කරන පසුබිමක, ශ්‍රී ලංකාවේ FDI ප්‍රවාහය මීට පෙර පැවති සියයට 1 මට්ටමෙන් ද තවදුරටත් පිරිහීමකට ලක්ව තිබේ.

අද (ඔක්තෝබර් 07) මෙරට තත්ත්වය යාවත්කාලීන කිරීමේ මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ මාලදිවයින සහ ශ්‍රී ලංකාව භාර රිචඩ් වෝකර් මහතා ප්‍රකාශ කළේ, 2030 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 36ක FDI ප්‍රමාණයක් ආකර්ෂණය කර ගැනීමේ රජයේ ඉලක්කය කරා ලඟා වීමට නම් ශ්‍රී ලංකාවට විශාල වෙනස්කම් ගණනාවක් සිදු කිරීමට සිදුවන බවයි.

ආයෝජකයින් අධෛර්යමත් කරන ප්‍රධාන බාධක

වෝකර් මහතා විශේෂයෙන්ම ආයෝජකයන් අධෛර්යමත් කරන ප්‍රධාන ව්‍යුහාත්මක බාධක දෙකක් පිළිබඳව අවධානය යොමු කළේය:

1. ඉඩම් සඳහා ප්‍රවේශවීමේ දුෂ්කරතාව:

  • මෙරට ඉඩම්වලින් 80%ක්ම රජය සතු වීම සහ ඒවා නිලධාරිවාදය සහ අමාත්‍යාංශ පාලනය යටතේ පැවතීම නිසා විදේශීය ආයෝජකයෝ අධෛර්යමත් වෙති.
  • මෙම තත්ත්වය කෘෂිකාර්මික අංශයේ ආයෝජන සඳහා විශේෂයෙන්ම අහිතකර ලෙස බලපා ඇත.

2. දශක හයකට වඩා පැරණි කම්කරු නීති:

  • දශක හයකටත් වඩා පැරණි කම්කරු නීති හේතුවෙන් ව්‍යාපාරික කටයුතුවල නම්‍යශීලීභාවය සීමා වීම තවත් ගැටලුවකි.
  • මෙම නීති මගින් සමහර ක්ෂේත්‍රවල කාන්තාවන් සඳහා වන රැකියා අවස්ථා සීමා කිරීමද ආර්ථික වර්ධනයට බදාවක් බව වෝකර් මහතා පෙන්වා දුන්නේය.

වෝකර් මහතා දැඩිව අනතුරු අඟවා සිටියේ, මෙම ව්‍යුහාත්මක ගැටලු කඩිනමින් නොවිසඳන්නේ නම්, විදේශ ආයෝජන සඳහා ගෝලීය වශයෙන් තරඟ කිරීමට ශ්‍රී ලංකාවට නොහැකි වනු ඇති බවයි.

එබැවින්, FDI ප්‍රවාහය වැඩි කිරීමට සහ ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට නම්, ඉඩම් පාලනය වැඩිදියුණු කිරීම, කම්කරු රෙගුලාසි නවීකරණය කිරීම සහ වඩාත් ආයෝජක හිතකාමී ව්‍යාපාරික පරිසරයක් නිර්මාණය කිරීම අතිශය තීරණාත්මක පියවරයන් බව ලෝක බැංකුව අවධාරණය කර සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles