රත්නදීප 2025 වාර්ෂික සංස්කෘතික වැඩසටහන මෙවරත් යාකොබ්ස්බැරී ශ්‍රවණාගාරයේදී 2025-09-20 වෙනි දින පැවැත්වුණි.
ස්කැන්ඩි නේවියානු රටවල ප්‍රධාන සංඝනායක කිරිදිගල්ලේ ධම්මරතන නාහිමියන්ගෙ සංකල්පයට අනුව ස්විඩනයෙ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන් ආරම්භ කළ රත්නදීප සංස්කෘතික උත්සවය, මෙවර ස්ටොක්හොල්ම් බෞද්ධ විහාරධිකාරී ශ්‍රස්ත්‍රපති මාතලේ ධම්මක්ඛන්ධ ස්වාමින් වහන්සේ ගේ අනුශාසකත්වයෙන් හා විහාරස්ථ දායක සභාවේ සහයෝග යෙන් හිමාල් ප්‍රනාන්දු හා ප්‍රදීප් පණුඩුල දෙපල ගෙ සංවිධාන ශක්තියෙන් ඉතා උත්කර්ෂවත් ව පැවැත්විණ.
කොවීඩ් උවදුර නිසා වසර කිහිපයක් මෙම උත්සවය පැවැත්වීමට අපොහොසත් විය.
දක්ෂ නර්තනාචාර්යය මණ්ඩලයක් මගින් පුහුණුවීම් කටයුතු මෙහෙය වු මෙම වැඩසටහන සදහා ශ්‍රි ලංකා ස්විඩන් තානාපති කපිල පොන්සේකා මහතාද සහභාගි විය.
දේශීය සංස්කෘතිය පරපුරින් පරපුරට දායාද කිරීම මෙහි පුමුඛ අරමුණයි.
පසුතල වේදිකා නිර්මාණය ලලිත කලාවේදී ඉන්ද්‍රජිත් වේවැලගේ මහතාගේ නිර්මාණයකි.
ස්වීඩනයේ පදිංචි ශ්‍රී ලාංකේය සම්භවයකින් යුතු දරුවන් එකසිය හතළිහක් පමණ මෙම වැඩසටහනට දායකත්වය දැක්වූහ.
මෙම වැඩසටහන ස්කැන්ඩි නේවියානු රටවල් අතර පවත්වන ප්‍රධානම සංස්කෘතික වැඩසටහනද වන්නේය.



