Monday, October 13, 2025
spot_imgspot_imgspot_img

Top 5 This Week

spot_img

Related News

BOI අහෝසි කරනු: ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට තගක්!

ශ්‍රී ලංකාවේ විදේශ ආයෝජන පරිසරය ස්ථාවර නොවන බවත්, ආයෝජන ලැබීම සීමාසහිත බවත් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද 2025 ශ්‍රී ලංකා ආයෝජන පරිසර වාර්තාව ඔස්සේ පැහැදිලිව පෙන්වා දී තිබේ.

විදෙස් ආයෝජන වර්ධනය කර ගැනීම සඳහා ව්‍යාපාරික හා රාජ්‍ය අංශවලට සහාය වීම අරමුණු කර ගනිමින් නිකුත් කර ඇති මෙම නව වාර්තාව, ශ්‍රී ලංකාවට ආර්ථික ස්ථාවරත්වය ළඟා කර ගැනීම සඳහා ප්‍රධාන නිර්දේශ ඉදිරිපත් කරයි.

ආයෝජන මණ්ඩලය අහෝසි කර ආර්ථික පරිවර්තනය බලාත්මක කරන්න!

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සිය වාර්තාව මගින් ශ්‍රී ලංකා ආණ්ඩුවට ප්‍රධාන වශයෙන් නිර්දේශ කර ඇත්තේ, ආයෝජන මණ්ඩලය (BOI) අහෝසි කර, ආර්ථික පරිවර්තන පනත බලාත්මක කිරීමට කටයුතු කරන ලෙසයි.

BOI නිලධාරිවාදය: ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ප්‍රධාන ආයෝජන ප්‍රවර්ධන ආයතනය වුවද, විදෙස් ආයෝජකයෙකුට එහි නිලධාරීන් සමඟ ස්ථාවර හා විවෘත සම්බන්ධයක් පවත්වා ගැනීම අභියෝගයක් වන බව වාර්තාව පෙන්වා දෙයි.

අනුමැතියේ ප්‍රමාදය: ආයෝජන මණ්ඩලයෙන් කිසියම් ආයෝජනයකට අනුමැතිය ලබා ගැනීම ඉතාමත් දුෂ්කර හා දීර්ඝ කාලයක් ගතවන කරුණක් වන බවද වාර්තාවේ සඳහන් වේ.

ආර්ථික පරිවර්තන පනතේ ආයතන 5 වහාම පිහිටුවන්න

ආර්ථික පරිවර්තන පනතට අදාළ ආයතන පහ වහාම පිහිටුවීමට ශ්‍රී ලංකාවට කටයුතු කළ හැකි බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

ආර්ථික පරිවර්තන පනතේ සඳහන් පිහිටුවිය යුතු ආයතන 5:

  • “සෝන්-ශ්‍රී ලංකා” (Zone – Sri Lanka)
  • ආර්ථික කොමිසම
  • ජාත්‍යන්තර වෙළෙඳාම සඳහා වන කාර්යාලය
  • ජාතික ඵලදායීතා කොමිසම
  • ජාත්‍යන්තර වෙළෙඳාම සඳහා වූ ශ්‍රී ලංකා ආයතනය

පනත සම්මත වුවද ආයතන තවමත් නැත

ආයෝජන මණ්ඩලය අහෝසි කිරීමේ අරමුණින් පසුගිය රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව විසින් 2024 ජූලි මාසයේදී ආර්ථික පරිවර්තන පනත සම්මත කළ නමුත්, එම පනතට අදාළ ආයතන මේ දක්වා පිහිටුවා නොමැති බවද ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සිය වාර්තාව ඔස්සේ අවධාරණය කරයි.

විදෙස් ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා ආයෝජන සඳහා වන බාධක ඉවත් කිරීම, නිලධාරිවාදය නැති කිරීම, අනුමැති ප්‍රමාද වීම වැළැක්වීම, ප්‍රතිපත්තිවල ස්ථාවරභාවය පවත්වා ගැනීම සහ රාජ්‍ය හිමිකාරිත්වය නැති කර පෞද්ගලීකරණය කිරීම වැදගත් බවට වාර්තාව වැඩිදුරටත් නිර්දේශ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles