Tuesday, October 14, 2025
spot_imgspot_imgspot_img

Top 5 This Week

spot_img

Related News

මාලිමාවේ අබේ ගැන බරපතල අධිකරණ වාර්තාවක්: රජයේ මුරකරුවෙකුට පිහියෙන් තර්ජනය කිරීමේ චෝදනාවක්!

පසුගියදා දෙරණ ‘වාදපිටිය’ දේශපාලන සාකච්ඡා වැඩසටහනට සහභාගී වී ශික්ෂාකාමී සහ සංයමයෙන් යුතුව හැසිරුණු බවට සමාජ මාධ්‍යයේ අවධානය දිනාගත් මාලිමා මන්ත්‍රී උපුල් අබේවික්‍රම මහතා සම්බන්ධයෙන් බරපතල අධිකරණ වාර්තාවක් මේ වනවිට හෙළිදරව් වී තිබේ.

මෙම ලේඛනවලට අනුව, මන්ත්‍රීවරයාට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති කඩ කිරීමේ සහ දඬුවම් ලැබිය හැකි වරදක් සම්බන්ධයෙන් නඩුවක් පවතින බව අනාවරණය වේ.

චෝදනාව: රාජ්‍ය මුරකරුවෙකුට පිහියෙන් තර්ජනය කිරීම

උපුල් අබේවික්‍රම මහතාට එරෙහිව එල්ල වී ඇති මූලික චෝදනාව වන්නේ, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම (LRC) සතු ඉඩමක් නීතිවිරෝධී ලෙස අතුරු බදු පදනම මත ලබාගෙන, එම ක්‍රියාව අසුවීමෙන් පසු රජයෙන් යොදවා තිබූ මුරකරුවෙකුට පිහියක් රැගෙන ගොස් තර්ජනය කිරීමයි.

අධිකරණ වාර්තාවල (පිටපත් 53236/PC) සඳහන් කරුණු අනුව:

සිද්ධිය: මන්ත්‍රීවරයා LRC ඉඩම් කොටසක් නීතිවිරෝධී ලෙස අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් විමර්ශන සිදුවී ඇත.

රාජ්‍ය මැදිහත්වීම: මෙම ඉඩම රැකබලා ගැනීම සඳහා රජය විසින් මුරකරුවෙකු යොදවා ඇත.

චෝදනාව: මන්ත්‍රීවරයා එම රාජ්‍ය මුරකරුවාට පිහියක් රැගෙන ගොස් මරණ තර්ජන එල්ල කරමින්, දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති කඩ කිරීමේ වරදක් සිදු කර ඇත.

මෙම නඩුව සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාවලියක් පවතින බවත්, මන්ත්‍රීවරයා එම වරදට දඬුවම් ලැබිය හැකි වරදක් සිදු කර ඇති බවටත් වාර්තාවල දැක්වේ.

රූපවාහිනී හැසිරීම සහ සැබෑ චෝදනා අතර පරස්පරය

විචාරකයන් පෙන්වා දෙන්නේ, මෙවැනි බරපතල අපරාධ චෝදනා යටතේ නඩුවක් පවතින මන්ත්‍රීවරයෙකු රූපවාහිනී වැඩසටහනකදී “අනගාරික ඇක්ට් එකක්” දෙමින් සුපේශල සහ නිවැරදි පුද්ගලයෙකු ලෙස පෙනී සිටීම බරපතල පරස්පරතාවක් බවයි.

රාජ්‍ය සම්පත් අවභාවිතා කිරීම හා රාජ්‍ය නිලධාරියෙකුට තර්ජනය කිරීම වැනි චෝදනා සහිත පුද්ගලයෙකුගේ රූපවාහිනී හැසිරීම සහ සැබෑ සමාජ ක්‍රියාකාරිත්වය පිළිබඳව නැවත විමර්ශනය කළ යුතු බවට දේශපාලන විචාරකයෝ අදහස් පළ කරති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles