පාතාල කල්ලි නායකයෙකු ලෙස ප්‍රසිද්ධව සිටි, පසුගියදා ඝාතනයට ලක් වූ ‘මිද්දෙණියේ කජ්ජා’ නොහොත් අරුණ ශාන්ත විදානගමගේ හට අතීතයේදී සිරස මාධ්‍ය ආයතනය විසින් ලබා දුන් ප්‍රචාරය සම්බන්ධයෙන් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ පුළුල් කතාබහක් නිර්මාණය වී ඇත.
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වීමත් සමග, ඔහුට අදාළ පැරණි වීඩියෝ දර්ශනයක් සමාජ මාධ්‍ය ඔස්සේ නැවත ප්‍රචාරය වෙමින් තිබේ.
සිරස නාලිකාවේ පැරණි දර්ශන
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන මෙම වීඩියෝව, සිරස රූපවාහිනී නාලිකාවේ පුවත් විකාශනයක කොටසක් වන අතර, මෙම වීඩියෝව සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන්නේ, ‘කජ්ජාට’ එවකට ප්‍රමුඛ පෙළේ ජාතික මාධ්‍ය ආයතනයක් විසින් අවධානයක් ලබා දුන් ආකාරය පෙන්වා දීමට ය.
බොහෝ දෙනා අදහස් පළ කරමින් පෙන්වා දෙන්නේ, මෙවැනි පුද්ගලයන්ට අතීතයේදී මාධ්‍ය අවධානයක් ලැබීම ඔවුන්ගේ ක්‍රියාකාරකම් සමාජය තුළ ප්‍රචලිත වීමට හේතු වූ බවයි.
‘මිද්දෙණියේ කජ්ජා’ පසුගිය කාලයේ දේශපාලන සම්බන්ධතා සහ විවිධ අපරාධ ක්‍රියා හේතුවෙන් නිරන්තරයෙන් මාධ්‍යවල අවධානයට ලක් වූ පුද්ගලයෙකි.