Monday, October 13, 2025
spot_imgspot_imgspot_img

Top 5 This Week

spot_img

Related News

ලංකාව ආයෝජනයට සුදුසු නැති බවට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්!

ශ්‍රී ලංකාවේ විදේශ ආයෝජන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී පවතින නොගැළපෙන ස්වභාවය සහ රජයේ පරස්පර මතවාදී ස්ථාවරයන් හේතුවෙන් ආයෝජකයෝ සැකයෙන් පසු වන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සිය නවතම වාර්තාවක් මගින් අවධාරණය කරයි.

2025 වසරට අදාළව ශ්‍රී ලංකාවේ ආයෝජන පසුබිම පිළිබඳව නිකුත් කළ වාර්තාවේ, ජාතික ජන බලවේග (NPP) ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග සහයෝගයෙන් කටයුතු කරමින් ආයෝජකයින්ට සහතිකයක් ලබාදුන්න ද, ආණ්ඩුවේ අතීතයේ සිට පැවත එන බටහිර විරෝධී සහ මාක්ස්වාදී බලපෑම් සහිත මතවාද හේතුවෙන් බොහෝ ආයෝජකයින් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සම්බන්ධයෙන් දැඩි සැකයකින් පසුවන බව දක්වා තිබේ.

ප්‍රතිපත්තිවල නොගැලපීම සහ නිලධාරිවාදී ගැටලු

වාර්තාව පෙන්වා දෙන්නේ ජාතික ජන බලවේග ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් නිතිපතා පුද්ගලික අංශය ප්‍රමුඛ ආර්ථික වර්ධනය විවේචනය කරන බවයි.

තවද, විදේශ ආයෝජන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී නොගැළපෙන ස්වභාවයක් දක්නට ලැබෙන බව පවසන අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) ප්‍රධාන ආයෝජන ප්‍රවර්ධන නියෝජිතායතනය වුවද, ඔවුන් සමග ස්ථාවර සහ විවෘත සංවාදයක් පවත්වා ගැනීම අභියෝගයක් වී ඇති බව පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට පවතින සෙසු ගැටලු අතර, අනවශ්‍ය නියාමනයන්, නෛතික අවිනිශ්චිතතාවය, සහ දුර්වල නිලධාරි ප්‍රතිචාර ද එම වාර්තාවේ විශේෂයෙන් දක්වා ඇත.

අදානි සමාගම ඉවත්වීම සහ දූෂණ ගැටලුව

මෙම වාර්තාවේ, ඉන්දීය සමාගමක් වන අදානි හරිත බලශක්තිය ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ ඩොලර් මිලියන 400 ක පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියකින් ඉවත්වීම පිළිබඳව ද සඳහන් වේ. ඊට හේතුව ලෙස අදාළ සමාගම දක්වා ඇත්තේ කලින් ප්‍රදානය කළ කොන්ත්‍රාත්තුවක් නැවත සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා රජය දැරූ උත්සාහයන් බව එම වාර්තාවේ දැක්වේ.

මේ අතර, ජනාධිපතිවරයා දූෂණය තුරන් කිරීමට සහ රාජ්‍ය විනිවිදභාවය වැඩි දියුණු කිරීමට ප්‍රසිද්ධියේ ප්‍රතිඥා දී ඇති බවත්, නව පරිපාලනය යටතේ ඉහළ මට්ටමේ දේශපාලන අල්ලස් ඉල්ලීම් අඩුවී ඇති බවත් එම වාර්තාවේ නිරීක්ෂණය වී තිබේ. කෙසේවෙතත්, වරප්‍රසාද ලත් කණ්ඩායම් විසින් ආරක්ෂා කරන ලද අංශ තුළ ආයතනික දූෂණය දිගටම සිදු කරගෙන යන බව ද අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles