Monday, October 13, 2025
spot_imgspot_imgspot_img

Top 5 This Week

spot_img

Related News

උඹලා උස්සන්න යන්නේ – ඕලුගල ගැන පද්මෙට ආ ඔත්තුව

පාතාල කල්ලි නායක කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල මැරයන් අත්අඩංගුවට ගැනීමට සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල ඉන්දුනීසියාවට පැමිණ සිටින බවට ඔත්තුව එම පාතාල නායකයාට ලබාදුන් බව කියන පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගැනීමට පොලිසිය පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය කියාසිටියේ පොලිස් දෙපාර්තමේන්තුවේම සිටිමින් මෙම පාවාදීම සිදු කළ නිලධාරියාට කිසිම සමාවක් නොලැබෙන බවයි.

රොහාන් ඕලුගල සහ මහින්ද ජයසුන්දර නමැති සහකාර පොලිස් අධිකාරිවරුන් තමන් අත්අඩංගුවට ගැනීමට ඉන්දුනීසියාවට පැමිණි බවට තොරතුරු පොලිසියේම ඉහළ නිලධාරියකු විසින් ලබාදුන් බව ඩුබායි හි සිටින දරූන් නමැති පාතාල මැරයා විසින් හෙළිකර ඇත.

දරූන් නමැති පාතාල මැරයා ද කෙහෙල්බද්දර පද්මේගේ පාතාල කල්ලියේ ප්‍රබලයකු වන අතර ඔහු ද විදේශගතව සිටියි.

ඕලුගල මහතා දින කිහිපයක සිට නොමැති බව දරුන් නැමැති අපරාධකරුට පොලිසියෙන් දැනුම්දී ඇති බවත් ඔහු ඕලුගල මහතාගේ දුරකථන අංක ඔස්සේ අයි.පී. අංකය පරීක්ෂා කර ඇති බවත් වාර්තා වේ.

අනතුරුව දරුන් නමැත්තාට හෙළිවී ඇත්තේ, ඕලුගල මහතා ඉන්දුනීසියාවට ගොස් ඇති බවය.

සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනා ඉන්දුනීසියාවට පැමිණි බව සැලවීමත් සමගම කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල මැරයන් තමන් පදිංචි වී සිටි සුපිරි මහල් නිවාසය ද අතහැර වෙනත් මහල් නිවාසයකට පළාගොස් තිබිණි.

පොලිසියෙන්ම ලැබුණු මෙම ඔත්තුව නිසා යම්කිසි ආකාරයකට මේ පාතාල මැරයන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූයේ නම් එය විශාල පාඩුවක් බව ද පොලිස් ආරංචි මාර්ග පවසයි.

එමෙන්ම කෙහෙල්බද්දර පද්මේට අන්තර්ජාතික පොලිසියේ රතු වරෙන්තුවක් ලබාගත් බව ඔහුට දැනුම්දී ඇත්තේ පොලිස් නිලධාරියකු විසින් බව ද මේ වනවිට අනාවරණය වී ඇත.

මෙම පොලිස් නිලධාරියා අදාළ රතු වරෙන්තුවේ කොපියක් කෙහෙල්බද්දර පද්මේගේ වට්ස්ඇප් දුරකථනය වෙත යවා තිබී ඇති බව ද අනාවරණය වී තිබේ.

පොලිස් ආරංචි මාර්ග පවසන්නේ පොලිසියේ සිටින ඇතැම් දූෂිත නිලධාරීන් කෙහෙල්බද්දර පද්මේ පාර්ශ්වය සමග සමීප සබඳතා පවත්වමින් මෙලෙස ඔවුන්ට ඔත්තු ලබාදී ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles