Monday, October 13, 2025
spot_imgspot_imgspot_img

Top 5 This Week

spot_img

Related News

තංගල්ලලේදී අයිස් 200kg – මළ සිරුරු 2යි සහ වෙපන් 06ක්

තංගල්ල ප්‍රදේශයේ තවත් ලොරි රථයක තිබී අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය 200kg පමණ ප්‍රමාණයක් සොයා ගෙන ඇතැයි පොලීසිය පවසයි.

මේ අතර තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයේ නිවසත තිබී පුද්ගල මළ සිරුරු දෙකක් අද පෙරවරුවේ සොයා ගැණුනි.
ඒ ලද තොරතුරක් මත පොලිසිය කළ සෝදිසි මෙහෙයුමකදී ය.

පොලීසිය සඳහන් කළේ, අදාළ නිවසේ සිටි තවත් අයෙකු ද රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි.

මීට දින කිහිපයකට පෙර එම නිවසේ අයිතිකරු වෙනත් පුද්ගලයෙකුට නිවස පිහිටි ඉඩම අලෙවි කර ඇතැයි පොලීසිය පවසයි.

පොලීසිය අනාවරණ කළේ, ඉඩම මිලදී ගත් පුද්ගලයා, සේවකයින් තුන් දෙනෙකු යොදවා නිවස වටා තාප්පයක් ඉදිකිරීමට කටයුතු යොදා ඇති බවයි.

එම සේවකයින් ඊයේ රාත්‍රියේ නිවසේ මත්පැන් සාදයක් පවත්වා ඇති අතර ඉන් පසුව එක් අයෙකු රෝගී වී රෝහල්ගත කර ඇතැයි සඳහන් ය.

පොලීසිය පැවසුවේ, එලෙස රෝහල්ගත කළ පුද්ගලයාගේ ඥාතියෙකු කළ දැනුම් දීමකට අනුව නිවස පරීක්ෂා කිරීමේදී මියගිය පුද්ගල මළ සිරුරු දෙකක් සොයාගත් බවයි.

එම නිවසේ තිබී අයිස් මත්ද්‍රව්‍ය යැයි සැකකරන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10ක් ද සොයා ගෙන ඇතැයි පොලිසිය සඳහන් කළේ ය.

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ආරම්භ ක්‍රියාත්මකයි.

තවද අද (22) දින අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් කිලෝ 200කට ආසන්න ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් තිබියදී තංගල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් ලොරි රථයේ තිබී T 56 ගිනි අවියක් සහ නවීන ගිනිඅවි 04ක් සොයාගෙන ඇත.

අද (22) දින මෙම ලොරි රථය ධාවනය කරමින් තිබියදී පොලීසිය විසින් පරීක්ෂා කර ඇති අතර එහිදී මෙම රථය තුළ තිබී අයිස් සහ හොරොයින් කිලෝ 200ක් සොයාගෙන ඇත.

කොමඩු ප්‍රවාහනය කරන මුවාවෙන් ලොරි රථයේ සකසන ලද විශේෂ කුටියක සඟවා මෙම මත්ද්‍රව්‍ය සහ ගිනිඅවි ප්‍රවාහනය කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles