Thursday, September 4, 2025
spot_imgspot_imgspot_img

Top 5 This Week

spot_img

Related News

ජනාධිපති අපේක්ෂකයන් 05කට-මහමැතිවරණ අපේක්ෂකයන් 74කට නඩු

වියදම් වාර්තා භාර නොදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරණ අපේක්ෂකයන් 13කගෙන් සහ පාර්ලිමේන්තුවේ මැතිවරණ අපේක්ෂකයන් 695කගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිස් මූලස්ථාන පොලිස් මැතිවරණ කාර්යාලය සඳහන් කරයි.

මේ වනවිට පාර්ලිමේන්තු මැතිවරණයේ අපේක්ෂකයන් 833ක් සම්බන්ධයෙන් පොලිසිය අධිකරණය වෙත කරුණු වාර්තා කර ඇති අතර එහි තවත් අපේක්ෂකයන් 86ක් සම්බන්ධයෙන් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමට නියමිතව ඇත.

2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ පනත යටතේ ‘ඉරිදා මව්බිම’ යොමු කළ තොරතුරු විමසුමට ලබාදුන් කරුණුවලින් මේ බව අනාවරණය වී තිබේ.

ඒ අනුව, මේ වනවිට ජනාධිපතිවරණ අපේක්ෂකයන් 05ක්, පාර්ලිමේන්තු මැතිවරණයේ අපේක්ෂකයන් 74කට විරුද්ධව නඩු පැවරීමට නඩු ගොනු නීතිපති උපදෙස් සඳහා යොමුකර ඇති බව පොලිස් මැතිවරණ කාර්යාලය සඳහන් කරයි.

තව ද පාර්ලිමේන්තු මැතිවරණයේ නීතිපති උපදෙස් ලබාගැනීම සඳහා යොමුකිරීමට ඇති නඩු ගොනු 394ක් අඩුපාඩු සම්පූර්ණ කිරීම සඳහා පොලිස් නීති කොට්ඨාසය මගින් පොලිස් ස්ථාන වෙත නැවත යොමුකර තිබේ.

මේ අතර, පසුගිය 2024 සැප්තැම්බර් 21 පැවැති ජනාධිපතිවරණය වියදම් වාර්තා භාර නොදුන් අපේක්ෂකයන් 13ක්ද එම වර්ෂයේම නොවැම්බර් 14 පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේ අපේක්ෂකයන් 1,042ක් මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත ප්‍රකාරව වියදම් වාර්තා භාරදී නොමැති බව ශ්‍රී ලංකා පොලිසියට මැතිවරණ කොමිෂන් සභාව වාර්තා කර ඇත. ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 38ක්, පාර්ලිමේන්තු මැතිවරණය සඳහා අපේක්ෂකයන් 8,888ක් තරග කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles