කොළඹ: පුත්තලම සිමෙන්ති කම්හලට අයත්, පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් අධි සංවේදී කලාපයක නීති විරෝධී ලෙස ඉල්මනයිට් කැණීම් කරමින් සිටි දේශීය සමාගමකට අයත් කෝටි ගණනක් වටිනා යන්ත්‍ර සූත්‍ර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකාය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම ප්‍රදේශය වසර මිලියන 23කට වඩා පැරණි මයෝසීන යුගයට අයත් පොසිල සාධක සහිත භූමියක් වන අතර, එය අක්කර 4,000ක වනාන්තර භූමියක පැතිර පවතී. මෙහි ඇති පාෂාණ තැන්පතු පැරණි භූ විද්‍යාත්මක සාධක හෙළිදරව් කරන බැවින් මෙය අධි සංවේදී කලාපයක් ලෙස සැලකේ.
චාමර සම්පත්ගේ බලපෑම
වැටලීමෙන් පසු අනාවරණය වී ඇත්තේ, අදාළ සමාගම නීත්‍යානුකූල අවසරයකින් හෝ කැණීම් සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරා නොමැති බවයි. මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට අවසරය ලබාදී ඇත්තේ පසුගිය රජයේ විෂය භාර රාජ්‍ය අමාත්‍යවරයා වූ චාමර සම්පත් දිසානායක මහතාගේ සෘජු බලපෑම මත බවට වාර්තා පළවේ.
එමෙන්ම, එවකට කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ සිමෙන්ති සංස්ථාවේ භාණ්ඩාගාර නියෝජිතයා මෙම ව්‍යාජ ගිවිසුමට විරුද්ධ වූ බව ද සඳහන් වේ. මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් එවකට සිමෙන්ති සංස්ථාවේ සභාපති ජේ. එස්. ධර්මප්‍රිය විසින් සියම් සිටි ලංකා සිමෙන්ති සමාගමේ සභාපතිවරයාට යොමු කළ ලිපියක සඳහන් කර ඇත්තේ “අමාත්‍ය චාමර සම්පත් දිසානායක ද මේ පිළිබඳව නිතර නිතර සිහිපත් කරන අතර, ව්‍යාපෘතිය කඩිනම්ව කරන්නේ නම් එතුමා දැඩි සතුටට පත්වන බවයි.”
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුවෙමින් පවතින අතර, පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් භූමියකට හානි කිරීම සහ බලය අවභාවිත කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල විය හැකිය.
