back to top
Tuesday, February 24, 2026
spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

spot_imgspot_imgspot_imgspot_img

Related News

මාදුරුඔය ජාතික උද්‍යානයේ කොටියකු මැරූ සැකකරුවන්ට වෙන දේ

මාදුරුඔය ජාතික උද්‍යානයේ සිදුකළ මුර සංචාරයකදී නීති විරෝධී ලෙසඋද්‍යානට ඇතුල් වී කොටියකු මරා රැගෙන යමින් සිටියදී පලා ගිය සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පලා ගිය එක් සැකකරුවෙකු ඔහුගේ නිවසේ සිටියදී අද (05) දින හේනානිගල වනජීවී උද්‍යාන පිවිසුම් කාර්යාලයේ වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැණුනා.

හේනානිගල දකුණ කහපාලම ආසන්නයේදී ඊයේ සවස 1.45 ට පමණ මෙම වැටලීම සිදුකල අතර එහිදි අඩි 6ක් අගල් 3 දිගැති හම රහිත කොටියකුගේ මළ සිරුරක් වනජීවී නිලධාරීන්ගේ භාරයට ගත්හ.

මළ සිරුර සමඟ සිරුර රැ‍ගෙන ඒම සඳහා භාවිතා කළ කුණුමැල්ල ලීයක්ද, ස්මාර්ට් දුරකථනයක් ද මෙහිදි අත්අඩංගුවට ගැනුණි.

අනෙක් සැකකරුවන් දෙදෙනො පිළිබඳව විමර්ශන කටයුතු සිදුකරන අතර අත්අඩංගුවට ගත් සැකකරු සමඟ නඩු භාණ්ඩ අද දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

නීති විරෝධි ලෙස මාදුරු ඔය ජාතික උද්‍යානයට ඇතුල් වීම හා රුදී සිටීම, වනසත්ව වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ ආරක්ෂිත සතෙකු වන කොටියකු මැරීම, මරණ ලද කොටියාගේ මස් සන්තකයේ තබා ගැනීම සහා ජාතික උද්‍යානය තුල කුණුමැල්ල ශාකයක් කපා ඉවත්කිරීම යන වරදවල් යටතේ මොහුනට විරුද්ධව නීතිමය කටයුතු සිදුකිරීමට අපේක්ෂිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles