Friday, July 4, 2025
spot_imgspot_imgspot_img

Top 5 This Week

spot_img

Related News

පොහොට්ටු – මාලිමා එක්ව සභා පිහිටුවද්දී දිලිත් නිහඬව ආණ්ඩුවට සහය දෙයි!

මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය ජාතික ජන බලවේගයට හිමිව තිබේ.

එහි උප සභාපති ධුරය පොදුජන පෙරමුණට හිමි වී ඇත.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගය මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ ජයග්‍රහණය කළද ඔවුන්ට බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීමට නොහැකි වූ බැවින් මෙම තත්ත්වය ඇති විය.

එම මැතිවරණයේදී ජාතික ජන බලවේගය සභික ධුර 10ක්, සමගි ජන බලවේගය සභික ධුර 6ක්, පොදුජන එක්සත් පෙරමුණ සහ සර්ව ජන බලයට සභික ධුර 2 බැගින්, පොදුජන එක්සත් පෙරමුණ එක් සභික ධුරයක් ද හිමි විය.

සභාවේ බලය පිහිටුවීම සඳහාල එක් සභිකයෙකු පක්ෂ හෝ විපක්ෂ දෙකටම අවශ්‍ය වූ අතර එම තීරක සභිකයා රහස් ඡන්දය භාවිතා කිරීමෙන් සභාපතිවරයා පත් කර ගැනීමට සිදු විය.

ඒ අනුව ප්‍රාදේශීය සභාවේ ප්‍රථම සභාවාරය පළාත් පාලන කොමසාරිස් රුවන් විජේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අවස්ථාවේ මෙම සභාවාරය තරමක් උණුසුම් මුහුණුවරක් ගත්තේය.

ඡන්ද විමසිමේදී ජාතික ජන බලවේගයේ ධනපාල විමලතුංග මහතාට සභාපති ධුරය හිමි විය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ රංගන සෝමදාස මහතාට උප සභාපතිකම හිමි විය.

කෙසේ නමුත් පසුගිය පළාත් පාලන මැතිවරණය කිසිවෙකුට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකිවූ පළාත් පාලන ආයතන කිහිපයක සර්වජන බලය පක්ෂය ස්වාධීන වීම මත ජාතික ජන බලවේගය ඒවායේ සභාපති ධුරයන් ලබාගැනීමේ මේ අවස්ථාවක් හිමිව තිබේ.

මෙසේ සර්වජන බලය පක්ෂයේ මන්ත්‍රීවරුන් ස්වාධීනව කටයුතු කර ඇත්තේ පඬුවස් නුවර, මිණිපේ, මැදවච්චිය, මැදගම, කොබෙයිගනේ ඇතුළු ප්‍රාදේශීය සභා කීපයකයි.

ඔවුන් ස්වාධීන විමත් සමග ජාතික ජන බලවේගය සභාපති සභාපති ධුරය හිමිකර ගැනීමට අවස්ථාව හිමිවිය.

ඒ සම්බන්ධයෙන් විපක්ෂයේ සෙසු පක්ෂ විරෝධතා විරෝධ සිය කනස්සල්ල පළකර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles