මත්තල ගුවන්තොටුපළ කළමනාකරණය කිරීමට සහ එහි සෘජු හා වක්‍ර ගුවන් සේවා ව්‍යාපාර පිහිටුවීමට නව ආයෝජකයින් කැඳවීමට රජය සැලසුම් කරයි. මීට අමතරව, ඉන්දීය-රුසියා ඒකාබද්ධ ව්‍යාපාර යෝජනාව නැවත සලකා බැලීමටද රජය කැමැත්තෙන් සිටී. මෙම නව වැඩපිළිවෙල අංශ හතක් යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇත.
මත්තල ගුවන්තොටුපළ ඉන්දීය හා රුසියානු සමාගම් වලට වසර තිහක කාලයක් සඳහා පැවරීමට පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී කැබිනට් මණ්ඩලයද අනුමත කර තිබුණි.
මේ අතර, නවතම තොරතුරුවලට අනුව ශ්‍රී ලංකන් ගුවන් සේවය ගමන් කරන ගමනාන්ත 45න් 31ක් පාඩු ලබන බව පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේය. මෙම වසරේ පළමු කාර්තුවේදී රුපියල් බිලියන 3.4ක පාඩුවක් ශ්‍රී ලංකන් ගුවන් සේවය ලබා ඇති බවත්, මගී ආදායම පහත වැටී ඇති අතර ඉන්ධන පිරිවැයද පහත වැටී ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකන් ගුවන් සේවය සතුව ඩොලර් මිලියන 978ක වගකීම් සහ රුපියල් බිලියන 51ක දේශීය මුදල් ණය ඇති බවත්, පොලී හිඟ මුදල් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක් පමණ වූ බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමටද සිදුවූ බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.